කතු වැකිය - කොළඹ සංකර සමාජය : කැතයි හොඳේ

ණ්ඩුවේ පුවත්පත වන දිනමිණ යළිත් සිපුරුදු මෝඩ රංගනය ඉදිරිපත් කොට ඇත. තම වැඩබිමට රැගෙන යන බත් පාර්සලය එතීමට පමණක් කිලෝගනනින් මිලදී ගන්න පරණ පත්තර අතර දිනමිණ තිබී විකුණුනා හොත් හැරෙන්නට අදාළ පුවත් පත ජනතාව අතර විකිණීම අතිශය අපහසුය. එහි කතුවැකිය ලියන මෝඩ ජුවල් පප්පාගේ සිට අනෙකුත් අය රාජපක්ෂගේ ටොෆිය සූප්පු කරමින් යමක් සොයා ගැනීම සඳහා ගෙන යන ලියවිලි වල ප්‍රකාශනයක් මිස එහි ගත යුතු කිසිවක් නැත. අද දින ( ඔක්. 10 ) කතු වැකියද රා කල සොළසක් බී ලියා ඇති එකකි. ඔහුට අනුව කොළඹ සන්ධානය විසින් පරාජය වී ඇත්තේ ජනතාව යු. එන්. පී. කාරයින්ගේ මුසාවන් වලට රැවටීමෙනි. වෙනත් විදිහකින් කිවහොත් ඇපත් නැති වුනු යු.එන්. පී.ය යාන්තම් කොළඹ ජයග්‍රහණය කොට ඇත. ( සභාවේ සිනහ)

 නාගරික සංකර සමාජයෙන් පිලිබුඹු නොකරන දේශපාලන යථාර්තය යනු වෙන කිසිවක් නොවේ, එනම් රාජපක්ෂ වැනි කපටියෙකුට රැවටීමට නොහැකි වීමේ හැකියාවයි. අනෙක් සියලුම සංකර  නොවන ලෙස හඳුන්වන ශුද්ධ සමාජය හෙවත් ඔලමොට්ටල නිවට ගම රාජපක්ෂ විසින් හපා සූප්පු කොට ඉෂ්ම පානය කොට හපයක් රාජපක්ෂ විසින් මහින්ද චින්තනය නමින් හැඩගන්වා ජනතාවට කන්න කියා ඉතුරු කොට තිබේ.
කතු වැකියේදී දේශපාලන දර්ශනයක් ගොඩ නැගීමට යනත දරා ඇත, " ශ්‍රී ලංකාව යනු ග්‍රාම රාජ්‍යයෙකි යන යථාර්ථවාදී කියමන අප සිහියට නැඟේ. මේ රටෙන් හතරෙන් තුනකට වැඩි පිරිස හෙවත් ජනගහනයෙන් 75%ක නියෝජනය තව ම ග්‍රාමීය අංශය නියෝජනය කරති. ග්‍රාමීය අංශයේ සමස්ත බලය හිමිකරගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂය යි. හෙවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යි. නාගරික සංකර සමාජය පිළිබිඹු කරනුයේ මෙරට සාකල්‍යය දේශපාලන යථාර්ථය නො වේ. නියම නාගරික සමාජය පවතින්නේ කොළඹ පමණි." මෙම කතාව අඩක් නිවැරදිය. නමුත් ඊට යමක් එකතු කළ යුතුය. ඒ වූකලී, නාගරික සංකර සමාජයෙන් පිලිබුඹු නොකරන දේශපාලන යථාර්තය යනු වෙන කිසිවක් නොවේ, එනම් රාජපක්ෂ වැනි කපටියෙකුට රැවටීමට නොහැකි වීමේ හැකියාවයි. අනෙක් සියලුම සංකර නොවන ලෙස හඳුන්වන ශුද්ධ සමාජය හෙවත් ඔලමොට්ටල නිවට ගම රාජපක්ෂ විසින් හපා සූප්පු කොට ඉෂ්ම පානය කොට හපයක් රාජපක්ෂ විසින් මහින්ද චින්තනය නමින් හැඩගන්වා ජනතාවට කන්න කියා ඉතුරු කොට තිබේ. රා කල සොළසක් බී ඇත්තියක් එන තුරු රෙද්ද උස්සගෙන බලා සිටින කතු වරයා කියා සඟවා තබා ඇති යතාර්ථය එයයි.

මෙකි පට්ට පල් බොරු දේශපාලන යථාර්ථයන් හොයන තක්කඩීන් රට හමුවේ කියා පාන බොරුව වෙන කිසිවක් නොවේ. එනම් රාජපක්ෂ විසින් රවටනතාක් දුරට එකී ලනු ජනතාව ගිලින තාක් දුරට රටේ ජනතවාට දේශපාලාන යථාර්තාවබෝධයක් ඇත යන්නය. එසේ නොවන තැනදී එය සංකර වේ. යථාර්තයෙන් අපගමනය වේ. නමුත් මෙකි මෝඩ විහිලුව පුපුරා යන ලකුණු පහල වී ඇත.

යු.එන්.පිය තනිව සටන් කොට කොළඹ ජය ගැනීම සහ වික්‍රමබාහු මෙන්ම මනෝ ගනේෂන් ඉදිරියට පැමිණීම තුළින් ඉඟි කරන්නේ එයයි. දැන් අවස්තාව රාජපක්ෂ චින්තනයෙන් එලියට පැන්න නාමල් බේබිට යු.එන්.පියට චන්දය දුන් ලක්ෂයකට වැඩි ජනතාව වෙන තැනකට ගිහින් දැමිමටය. මන්ද ඔහු කියන පරිදි, කොළඹ සංවර්ධන සැලැස්මේ මුල සිටම ක්‍රියාකාරී යෝධ මැදිහත්වීමක් නිතී විද්‍යාලයේ හොරට විභාගය ලියා සමත් වූ ඔහු විසින් සිදු කොට ඇත. කොළඹ පාරාජය එජාපයේ ජයග්‍රහණයකට වඩා ශ්‍රීලනිපයේ සිටින ජෙෂ්ටයින්ගේ ජයග්‍රහණයකි. එත් සමඟම රාජපක්ෂගේ පවුල් බලයට හෙණයක් වැදී ඇත.


Tell a Friend