මියගිය භාරත සහ බරපතල තුවාල ලැබු දුමින්ද |
අද අන්ගොඩදී සන්දානයේ දෙපිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක බාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මියගොස් ඇත.
ශ්‍රී ලංකා මහජන පක්ෂය දිවංගත නායක විජය කුමාරතුංග විසින් පිහිටි වූ අතර බාරත ලක්ෂ්මන් ඔහුගේ සමීප හිතවතෙකු ලෙස සැලකේ.
මෙම ගැටුමේදී තුවාල ලැබූ දුමින්ද සිල්වාගේ තත්වය බරපතල බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ අදික්ෂණ ඇමතිවරයකු ලෙස කටයුතු කරයි.
මිට සති දෙකකට පමණ පෙර පොලිස් ලොක්කන් දෙදෙනෙකු එකිනෙකාට වෙඩි තබා ගනිමින් මැරුම් කැහ. අද සිදුවූ මෙම වෙඩි තැබීමට ආරක්ෂක අමාත්‍යංශයේ අදික්ෂණ ඇමතිවරයකු සම්බන්ද වීම උගේ ආරක්ෂාව, අපේ ආරක්ෂාව, සහ රටේ ආරක්ෂාව දැඩිව ප්‍රශ්න කෙරේ.
Post a Comment