චීනයේ සිදු වූ බස් රථ අනතුරින් සිසුන් 12 ක් ජීවිතක්ෂයට

| කිෂානි වැලිවිටිගොඩ

උතුරු චීනයේ අධිවේගී මාර්ගයේ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් සිසුන් ඇතුළු පුද්ගලයින් 35 ක් මිය ගොස් ඇත. බෙජින්ග් නුවර ආසන්නයේ පිහිටි ටියැන්ජින් නගරයේ ඇති සීඝ්‍රගාමි මාර්ගයේදී බස් රථය මෝටර් රථය ඉස්සරහ කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවට විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරයි. මෙම අනතුර සිදු වීමෙන් පසුව එම මාර්ගය පැය 16 කට වසා තැබීම හේතුවෙන් වාහන තද බදයක් පැවතුන බව වාර්තා වේ.

බස් රථය එහි වේගය වැඩි කිරීම හේතුවෙන් එය පෙරලුන අතර එහි සිටි මගීන් බස් රථයෙන් ඉවතට විසි වී ඇති බවට එරට වාහන හැසිරවීම් සිදු කරන කළමනාකරණ නිලධාරින් විසින් විදෙස් පුවත් ඒජන්සි වෙත ප්‍රකාශ කොට තිබේ. අනතුරෙන් තුවාල ලැබූ මගීන් 19 ක් රෝහල් ගත කර ඇති අතර බස් රථයේ රියදුරු සිහි මුර්ජා වී ඇති බවට එරට පොලිසිය සඳහන් කරයි. බස් රථයේ ගමන් කල හැකි උපරිම මගීන් සංඛ්‍යාව 53 ක් වන නමුත් මෙම අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් 55 ක් එහි ගමන් කරමින් සිට ඇත.

ටියැන්ජින් හි සිදු වූ මෙම අනතුර ඇතුළු සතියක් තුල සිදු වූ ප්‍රධාන අනතුරු තුනෙන් පුද්ගලයන් 56 ක් මියගොස් ඇති බවට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසු ගිය අවුරුද්දේ චීනයේ සිදු වූ වාහන අනතුරු වලින් පුද්ගයින් 65,000 ක් මිය ගිය අතර 254,000 ක් තුවාල ලබා ඇති බවට නිළ සංඛ්‍යා ලේඛන වල දැක් වේ.

Tell a Friend