| කිෂානි වැලිවිටිගොඩ
අග්නිදිග ආසියාවේ මේ දින වල පවතින ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 100 කට අධික ප්රමාණයකගේ ජීවිත අහිමි වී ඇත. ගත වූ දශකයක කාලය පුරාවට මේ දින වල පැවතුන දරුණුතම ගංවතුර තත්වය මෙය වේ.
වියට්නාමයේ කුඩා ළමුන් 16 ක් ඇතුළුව පුද්ගලයන් 18 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අධික ගංවතුර හේතුවෙන් මිය ගොස් ඇති අතර 56,000 කට ආසන්න සංඛ්‍යාවකගේ නිවාස ගංවතුර හේතුවෙන් විනාශයට පත් වී ඇත. මේ අතර ලෝකයේ දෙවන ස්ථානයේ පවතින සහල් අපනයනකරුවන්ගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7 ක් වටිනාකමින් යුක්ත හෙක්ටයාර 6,500 ක භුමි ප්‍රමාණයකින් සමන්විත සහල් වගා බිම් මෙම ගංවතුර හේතුවෙන් විනාශයට පත් වී ඇත.
මේ අතර තායිලන්තයේ පැවතුන ගංවතුර හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 244 ක් බව තායි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. මෙම තත්වය හේතුවෙන් මිලියන 2 ක වැසියන් අවතැන් වී සිටි. ජුලි මාසයේ මැද භාගයේ සිට පවතින ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 250 කට අධික ප්රමාණයකගේ ජීවිත අහිමි වූ අතර අසල්වැසි රටක් වන කාම්බෝජියාවේ මිය ගිය සංඛ්‍යාව 170 ක් පමණ වේ.
Post a Comment