බ්‍රිතාන්‍ය විපක්ෂයත් රාජපක්ෂට එරෙහිවයි.


බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සොයා බැලිය යුතු බව කියා සිටි. ඔවුන් ඒ සදහා ජාත්‍යන්තර කොමිසමක් අවශ්‍ය බවට දෙමල ක්‍රියාදරයින්ගේ දැඩි ඉල්ලීමට සහය පල කරති.

ඔවුන් දේශීය යාන්ත්‍රනය වන උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ සුවාදිනත්වය, වගවීම සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් තමන් දැඩිව සැලකිලිමත් වන බවද කියා සිටිති. ඔවුන්ට අනුව දේශීය කොමිසමේ කටයුතු සදහා ජාත්‍යන්තර සහබාගිත්වය අවශ්‍ය වේ.

වැඩිදුරටත් අදහස් දක්වන කම්කරු පක්ෂ සාමාජිකයන් දෙමල ජාතිකයින් 50 දෙනෙකු ලංකාවට එවීම ගැන සහ ලංකාවේදී ඔවුන් නැවතවරක් වදහින්සාවට ලක්වීම වැළැක්වීමට තමන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග කටයුතු කරන බව කියා සිටි.

ද හින්දු ඇසුරෙන්,
හර්ෂි. සි. පෙරේරා
Tell a Friend