45 ක් මහා පරිමාණ මුදලාලිලා
කොළඹ නගරය කේන්ද්‍රකර ගනිමින් හෙරොයින් ජාවාරම්කරුවන් 350 ක් ක්‍රියාත්මක වන බවත් එයින් 45 දෙනෙකු මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් බවත් අන්තරායකර ඖෂධ පාලන අධිකාරිය මගින් සොයාගෙන තිබේ.
මේ ජාවාරම්කරුවන්ට අමතරව තවත් කුඩු වෙළෙන්දන් 300 ක් පමණ නගරයේ ක්‍රියාත්මක වන බවද සොයාගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන මෙම මත්කුඩු ජාවාරම සිදුවන බවට තොරතුරු හෙළි කරගෙන තිබෙන අතර පකිස්තානයෙන් හා දකුණු ඉන්දියාවෙන් මේවා ගෙන එන්නේ බෝට්ටුවලින් බවද හෙළි කරගෙන ඇත.
හෙරොයින් කිලෝ ග්‍රෑමයක් රුපියල් ලක්ෂ හතළිස් පහත්, ලක්ෂ හැටත් අතර මිලකට අලෙවි වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ මෙරටට බෝට්ටුවලින් ගෙන එන හෙරොයින් හලාවත, මීගමුව, මන්නාරම සහ නැගෙනහිර මුහුදු තීරයෙන් ගොඩබා කල්මුණේ, හික්කඩුව, අක්කරයිපත්තුව, මඩකලපුව, කොළඹ ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවලට බෙදාහරින බවද ආරක්ෂක අංශ විසින් හෙළිකරගෙන තිබේ.
Post a Comment