
හර්ෂි සි. පෙරේරා
එහිදී කොමිසමේ විමර්ශන නිලදාරියා නාලනීගේ පුතුන් දෙදෙනාට වදහිංසා පැමිණවීම, බොරු නඩු දැමීම ගැන වචනයක්වත් කිවේ නැත. ඒ වෙනුවට පැමිණිල්ලේ කොටස් පෙන්වා දෙමින් ඇගේ දරුවන් නැවත රිමාන්ඩ් කල හැකි බවත් පැමිණිල්ල වැඩක් නැති බවත් ප්‍රකාශ කළේය.
නාලනි නාගහවත්ත වයස අවුරුදු 60 ක් වන විවාහක තිදරු මවකි. සිසිර කුමාර දිසානායක (27) ඇගේ වැඩිමල් පුතාය. නාලක බණ්ඩාර දිසානායක (24) දෙවන පුතාද තරිදු ලසන්ත දිසානායක (23) බාල පුතාද වේ. ඔවුන් කැටගොඩ, උඩුගම පාලම අසල පදිංචිකරුවන් වේ.
2011.06.17 වන දින ඇගේ පුතුන් තිදෙනාව උඩුගම පොලිසිය අත්අඩංගුවට ගත්තේ එම පොලිසියේම සේවය කරන ග්‍රමා ආරක්ෂක දීපානි ජයසේකර සතුටු කිරීමටය. උඩුගම පොලිසියේදී ඇගේ දරුවන් තිදෙනාටම වදහිංසා පමුණුවා ඇත. ඇගේ වැඩිමල් පුතා හර්ද රෝගයකින් පෙලෙන අතර දෙවන පුතා ශරීර අබාදයකින් පෙලේ. පසුව ඔවුන් තිදෙනාටම බොරු නඩු දමා රිමාන්ඩ් කරන ලදී.
නාලනි මේ පිලිබදව 2011.07.05 දින අදාල බලදාරීන්ට එනම් මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට, ගාල්ල ජෙෂ්ට පොලිස් අදිකාරිට පැමිණිලි කළාය.
2011.08.17 දින ඔවුන්ට මාතර මානව හිමිකම් කොමිසමෙන් කැදවීමක් ලැබිණි. නාලනි එදින ඇප මත නිදහස් ව සිටින පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙකු සමග එහි ගියහ. එහිදී කොමිසමේ විමර්ශන නිලදාරියා නාලනීගේ පුතුන් දෙදෙනාට වදහිංසා පැමිණවීම, බොරු නඩු දැමීම ගැන වචනයක්වත් කිවේ නැත. ඒ වෙනුවට පැමිණිල්ලේ කොටස් පෙන්වා දෙමින් ඇගේ දරුවන් නැවත රිමාන්ඩ් කල හැකි බවත් පැමිණිල්ල වැඩක් නැති බවත් ප්‍රකාශ කළේය.
මින් පැහැදිලි වන්නේ මාතර මානව හිමිකම් කොමිසම මහජනතාවගෙන් වැටුප් ලබන පොලිස් අපරාදකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි. මානව හිමිකම් කොමිසම පිහිටුවා ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්දනයටයි. නමුත් ඒ අරමුණ ඉටු නොවන බව මෙම සිද්දියෙන් පැහැදිලි වේ. රටේ ජනපති මහින්ද 18 වන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝදනය හදුන්වා දීම මගින් කොමිසමේ අවසන් දතත් ගලවන ලදී. එය දැන් දත් නැති කොටියෙකි. එහි නිලදාරීන් බහුතරය රජ්ජයේ අපරාද කරුවන් රකිමින් එය හුදෙක්ම බෝඩ් ලෑල්ලකට සිමා කරයි.



Post a Comment