අමිල ගුණරත්න
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම බෝගම්බර බන්ධනාගාරයේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවේ යෙදුණු අවස්ථාවේ සිරකරුවන් සඳහා ලබාදෙන ආහාර වේල පිළිබඳ සොයා බැලීමට ගිය අතර එම ආහාර වේල රස විඳීමෙන් පසු පාර්ලිමේන්තුවේත් මෙවැනි රස ආහාර වේලක් නැතැයි ඇමැතිවරයා පවසන ලදී . වැඩිදුරටත් හිරබත් ගැන කී ඇමතිවරයා මටත් නවතින්න හිතෙන තරමට කෑම වේල රස යැයිද පැවසිය. මෙහිදී කරුණ දැක්වූ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර නේවාසිකයින්ට බන්ධනාගාරයේ වහල මත නැග උපවාස කරන්නට ශක්තිය ලැබී ඇත්තේ මෙම ආහාර වේලේ රස වගේම ඉහළ පෝෂණයක් අඩංගු නිසා යැයි විහිලුවක් ද කළේය. මෙම කතාව අසන අපට තේරෙන්නේ මෙම ඇමතිවරු ජිවත් වන්නේ සිහින ලෝක වල බවයි. ඔවුන් සැබෑ සිරගෙය කුමක් ද යන්න පවා දන්නේ නැත. වරින් වර ශ්‍රී ලංකා ගාර්ඩියන්හි ලංකාවේ සිර ගෙවල් වල සැබෑ තත්වය රැඳවියන්ගේ අත්දැකීම් ඇසුරෙන් පල කෙරේ. මෙම ඇමතිවරු අවම වශයෙන් රැඳවියන්ගේ කතා කියවා තිබුනේ නම් මෙසේ බයිලා කියන්නේ නැත. දිනකට රුපියල් ලක්ෂ ගණනක් වියදම් කොට තරු පහේ හෝටලයක ආහාර පරදන පාර්ලිමේන්තුවේ (දියවන්නා හෝටලයේ) ආහාර වලටත් වඩා සිරබත් හොඳ බව මෙම ඇමති බාන කියති. දැන් ළඟදීම හෝටල් වල කහ බත්, දුන්තෙල් බත් , අතරට සිරබත් ද දෙනු ඇත.

Post a Comment