යාපනේ සිවිල් සමාජය උතුරේ ආණ්ඩු කාරයට චෝදනා කරයි. උතුරේ ආණ්ඩු කාරයා ලෙස කටයුතු කරන්නේ මෙජ ජෙනරාල් චන්ද්‍රසිරිය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ පළාත් පාලන ආයතන වලට බලපෑම් කරන බව වාර්තා වේ. තවද යාපනේ පරිපාලනය විදිමත් කිරීමට එරෙහිව බාදා කරයි.
ජුලි මාසයේ පැවති මැතිවරණයේදී ජය හිමිවුයේ ද්‍රවිඩ ජාතික සන්දානයටයි. ආණ්ඩුව මැතිවරණයේදී උතුරේ චන්ද කටයුතු සදහා විශාල මුදලක් යෙදවූ නමුත් බලාපොරොත්තු වූ ප්‍රතිපල හිමිවුයේ නැත.
යාපනේ උද්ගතව ඇති තත්වය මෙබදු නම් මහ ජාතිය හැටියට අපි එය ශෝක් දෙයක් ලෙස සැලකීම අනාගතය වඩාත් බියකරු කිරීමට හේතු වනු ඇත. රටක් ශිෂ්ට වන්නේ නැතිනම් ආසියාවේ ආශ්චර්ය විය හැක්කේ සුළු ජාතීන්ගේ අයිතීන් හා නිදහස රැක දුන්නොත් පමණි.

Post a Comment