මහරුෆ් සමග විවාදයට සිරිකොත සේවකයකු නම් කර තිබෙනවා

පියසේන දිසානායක

ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මොහොමඩ් මහරුෆ් මහතා තමාට අභියෝග කර තිබෙන බවත් ඒ අනුව ඔහු සමග විවාද කිරීමට සිරිකොත පක්‌ෂ මූලස්‌ථානයේ කාර්යාල කාර්ය සහායකයකු නම් කරන බවත් එක්‌සත් ජාතික පක්‌ෂ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

තමා නම් කරන කාර්යාල කාර්ය සහායක සේවකයා සමග ඕනෑම අවස්‌ථාවක රූපවාහිනියේ හෝ එසේත් නැතිනම් තමන් කැමැති ඕනෑම ස්‌ථානයකදී මොහොමඩ් මහරුෆ් මහතාට විවාද කිරීමට දැන් අවස්‌ථාව සලසා දී තිබෙන බව හෙතෙම කීය.

මැද කොළඹ එක්‌සත් ජාතික පක්‌ෂයේ හිටපු සංවිධායක සහ කොළඹ නගර සභාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ලැයිස්‌තුවෙන් තරග කරන මොහොමඩ් මහරුµa මහතා ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට කළ අභියෝගය බාර ගන්නවා දැයි පෙරේදා (17 දා) සිරිකොත පැවැති උත්සවයක්‌ අවසානයේදී මාධ්‍යවේදියකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

Tell a Friend