කිෂානි වැලිවිටිගොඩ
ලිබියානු නායක මොහම්මර් ගඩාෆි කිලෝ මීටර් 60 ක සීමාවකට කොටු කර ඇති බවත් ඉදිරි පැය කිහිපය තුළදී පණ පිටින් අල්ලා ගැනීමට හෝ මරා දැමීමට කටයුතු කරන බවත් කැරලිකරුවන් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යට ප්‍රකාශ කළේය. කැරලිකරුවන් ට්‍රිපෝලි නුවර මීට සති තුනකට ආක්‍රමණය කළ අවස්ථාවේදීද මෙවැනිම ප්‍රකාශයක් කළ නමුත් එහි කිසිඳු සත්‍යතාවයක් නොතිබුණි.
එසේම මාධ්‍යට වැඩිදුරටත් අදහස් දැක් වූ කැරලි කරුවන්ගේ ප්‍රකාශකයා වන අනිෂ් ෂරිෆ් , " අපි ඔහු සැඟ වී සිටින බවට සැක කරන ප්‍රදේශය වැටලුවා, නමුත් ගඩාෆි ඉන්න කොහෙද කියල හරියටම කියන්න බෑ", යැයි ප්‍රකාශ කළේය. එසේම තවත් නිලධාරියෙකු කියා සිටියේ ගඩාෆි කුඩාරමක් තුළ සැඟ වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

Post a Comment