පර බල්ලන් රට ගිල ගැනීමට පෙර සටන් කළ යුතුයි - ගඩාෆි


කිෂානි වැලිවිටිගොඩ

ලිබියානු කැරලිකරුවන් බටහිර ගැත්තන් බවට චෝදනා කරමින් සහ ඔවුන්ට එරෙහිව අවි අතට ගෙන සටන් කළ යුතු බව කියමින් ලිබියානු නායක කර්නල් ගඩාෆි විසින් අලුත්ම හඬ පටයක් නිකුත් කොට ඇත. සිරියාවේ සිට පවත්වාගෙන යන අල්- රයි රුපවාහිනිය විසින් අදාළ හඬ පටය මුල වරට විකාශනය කරනු ලැබුවේ අද ( සැප්. 08) උදෑසනය.

" මේ රටට ආදරේ කරන්නේ නැති දේශද්‍රෝහී පර බල්ලන් මේ භුමිය ගිල ගැනීමට පෙර මගේ අදාරණීය ජනතාවනි , ඔබ ඔබේ භූමිය වෙනුවෙන් සටන් කළ යුතුයි.," යයි ලිබියානු නායකයා ප්‍රකාශ කළේය.

එසේම තමන් නයිගර් රජයට පලා ගිය බව ප්‍රකාශ කිරීම අමුලික අසත්‍යක් බවද එය මානසික ආස්වාදයක් ලබා ගැනීමට සහ ජනතාවගේ ශක්තිය නැති කිරීම සඳහා ගත උත්සහයක් ලෙස හැඳින්වීය.

Tell a Friend