"දකුණේ වදහිංසාව ගැන මෙන්ම උතුර ගැනත් අවදානය යොමු කරන්න"


හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්දනය දැක්ම කරගත් ජනසංසදය නමැති රාජ්‍ය නොවන සංවිදානය බිහිවන්නේ 1992 දිය. එදා සිට අද දක්වා ජනසංසදය සිය මානව සහ බවුතික සම්පත් යොදන ලද්දේ ප්‍රදාන වශයෙන් දකුණේ වදහිංසාව තුරන් කිරීමේ අරමුණිනි. එයට මුලිකව හේතුවුයේ උතුරට ඇති ප්‍රවේශය සිමා වීමයි.

මාද්‍යවේදී ක්‍රිෂාන් රාජපක්ෂ ඉහත අදහස් දැක්වීම කලේ අද (2011.09.03) පෙරවරු 9 සිට 4.30 දක්වා කොලබ 03 රේණුකා හෝටලයේ ජනසංසදය සංවිදානය කල එක් දින මාද්‍ය වැඩමුළුවට එක් වෙමිනි.

මෙම වැඩමුළුවට මාද්යවේදීන් , ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාලයේ සිසුන්ද ඇතුළුව 26 දෙනෙකු සහබාගි විය. ඒ අතර ප්‍රවීන මාද්‍යවේදීන් වන ඥානසිරි කොත්තුගොඩ, ක්‍රිෂාන් රාජපක්ෂ සහ ප්‍රබුද්දී රණසිංහ විය.

වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ජනසංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා මහතා විසිනි.


මෙහිදී ප්‍රමුකතාව දෙනු ලැබුවේ රාජ්‍ය ආයතන නැතිනම් මහජනතාවගෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් සිදු කරනු ලබන වදහිංසාව වාර්තා කරන්නේ කෙසේද සහ එයට එල්ලවන බාදා ජයගන්නේ කෙසේද යන්නටයි.

වැඩමුළුව අවසානයේ සහබාගි වුවනට සහතික පත්‍රද පිරිනැමිණි.





Tell a Friend