ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති විසින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව දීම මේ මස සිදු වන බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි.
ව්‍යාජ ලේඛන සකස් කොට කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විදුහලේ පළමු ශ්‍රෝණියට සිසුන් ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති බුළුගහමුල අරඹේගෙදර අබේරත්න මහතාට නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි. සිසුන් ඇතුලත් කර ගැනීමේදී මෙම විදුහල්පතිවරයා විසින් සිදු කල වංචා ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත්පතින් ද මිට පෙර හෙළි කරනු ලැබිය. ඔහු මෙම වංචා කලේ තනියම නොවේ. ඒ සඳහා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සමහර ආදී ශිෂ්‍ය (මගෝඩියන්ද) ඔහුට උපකාර කළහ. ඉසුරු පිරි සමර ගෑ සිංහයෙකුද මෙම වංචා වලින් හොඳ හැටි ගතමනාව හොයාගත් නමුත් තොණ්ඩුව වැටී කෙළ උනේ අබේරත්නටය. එහෙත් ආදී ශිෂ්‍ය (මගෝඩියන්) අබේරත්නගෙන් පසු විදුහලට පත් වී ආ සෑම විදුහල්පතිවරයෙකුගේම නාසය විද ඔහුටද කුඩු කවා තමන්ගේ දෙවන ආර්ථිකය අල්මා මාටාවෙන් හොයා ගත්හ.
මෙම අවවාදය කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විදුහලේ වර්තමාන විදුහල්පතිවරයාටය. (එය සෑම පාසලකම විදුහල්පතිවරුනටද අදාල වේ) විදුහලේ වැඩ රාජකාරි කරන විට ඔබ ප්‍රවේසම් විය යුත්තේ දේශපාලකයන්ගෙන් පමණක් නොවේ ආදී ශිෂ්‍ය සංගමයේ සමහර ගල් ආඳාන්ගෙන්ද ප්‍රවේසම් උන මැනවි. නැතොත් බුළුගහමුල අරඹේගෙදර අබේරත්න මෙන් ඔබටද කූරු ගණන් කිරීමට සිදුවනු ඇත.
අමිල ගුණරත්න

Post a Comment