කොළ මඩින යන්ත්‍රයට හිස හසුවී වැලිකන්දේ තිදරු පියා මරුට

ඡේ. ඒ. ජයකොඩි

කොළ මඩින යන්ත්‍රයකින් වී අස්‌වනු නෙළමින් සිටියදී එම යන්ත්‍රයට හිස හසුවී තදබල තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර කිරීමට රැගෙන යමින් සිටියදී මියගොස්‌ ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

පසුගිය 31 වැනිදා රාත්‍රියේ දී සිදුවූ මෙම අනතුරෙන් මියගොස්‌ ඇත්තේ වැලිකන්ද කරපොල ගමේ පදිංචිව සිටි එම්. සිවසම්බු (47) නමැති තිදරු පියෙකි.

මෘත දේහය පරීක්‌ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යවා ඇති අතර වැලිකන්ද පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

Tell a Friend