"පුතා ඉන්න තැනක් කියපන්! නැත්තන් තාත්තව අරගෙන ගිහින් මරනවා! - ගල්කිස්ස පොලිසිය


හර්ෂි සි. පෙරේරා

එදින රාත්‍රියේ පොලිස් නිලදාරී හේමන්ත, ජයලත් මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. ඔහු අද පුතාට ඇප දෙනවා අපට බෝතලයක් ගන්න සල්ලි දෙන්න පුළුවන්දැයි අසා ඇත. ජයලත් මහතා රුපියල් 1000 ක් ඇද්දැයි විමසුවිට එය මදියි කියා ඇත. ඊට පසුව නිලදාරියට රුපියල් 1500 ක් යැවුමුත් දිනුෂට ඇප ලැබී නැත.
බටගොදගේ කරුණාසේන ජයලත් 46 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. හෙතෙම රත්මලානේ අත්තිඩියේ පදිංචි කරුවෙකි. බටගොදගේ දිනුෂ ජයලත් ඔහුගේ පුතාය. පුතාට වයස අවුරුදු 25 කි.

2011.08.25 වැනිදින දිනුෂව ජීප් රථයකින් පැමිණි ගල්කිස්ස පොලිසියේ නිලදාරීන් ඔහුට පහරදී පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ ඔහුට එරෙහිව දුරකතනයක් පැහැර ගැනීමට අදාල පැමිණිල්ලක් සම්බන්දවයි.

ජයලත් මහතා සහ ඔහුගේ ඥාතීන් දිනුෂව බැලීමට පොලිස් ස්ථානයට ගියත් ඔවුන්ට කුඩුව අසලට යාමට ඉඩ දී නැත. නමුත් ඔවුන් දිනුෂගේ ඇස ඉදිමි නහය හා මුහුණ රතුවී කටින් ලේ එමින් තිබෙනු දැක තිබෙනවා. දිනුෂ කුඩුවේ ඉතා අමාරුවෙන් කෙලින් සිටගෙන සිට ඇත.

2011.08.26 දින ජයලත් මහතා පොලිසියට ගියවිට දිනුෂ පවසා ඇත්තේ ඊයේ රෑත් පොලිස් නිලදාරීන් බිලා ඇවිත් තමන්ට පහර දුන් බවයි. ඔහුට බෙහෙත් කරන්නේ නැද්දයි නිලදාරියෙකුගෙන් විමසු විට "මේවා ඉස්පිරිතාල නෙමෙයි, එලියට දැම්මට පස්සේ බෙහෙත් කර ගනිල්ලා,ඇප දෙන්නේ නැහැ,ඔ. අයි. සි නැහැ ඔ .අයි. සි අවාම වරෙන්" යනුවෙන් යන්න පිළිතුර විය.

එදින රාත්‍රියේ පොලිස් නිලදාරී හේමන්ත, ජයලත් මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. ඔහු අද පුතාට ඇප දෙනවා අපට බෝතලයක් ගන්න සල්ලි දෙන්න පුළුවන්දැයි අසා ඇත. ජයලත් මහතා රුපියල් 1000 ක් ඇද්දැයි විමසුවිට එය මදියි කියා ඇත. ඊට පසුව නිලදාරියට රුපියල් 1500 ක් යැවුමුත් දිනුෂට ඇප ලැබී නැත.

2011.08.27 දින දිනුෂව බැලීමට ඔහුගේ මව ගියවිට ඔහුව ගෙදර ඇරිය බව දැනගන්නට ලැබී තිබෙනවා. නමුත් ඔහු ගෙදර නොපැමිණීම නිසා ජයලත් සහ බිරිද 2011.08.28 වන දින ඔහුව සෙවීමට ගොස් සිටියදී ගල්කිස්ස පොලිසියේ හේමන්ත සම්පත් ඇතුළු පොලිස්කාරයින් නිවසට පැමිණ දිනුෂ පොලිසියෙන් පැන ගොස් ඇති බවත්, අහුවුනොත් මරණ බවටත් නැතිනම් තාත්තාව ගෙන ගොස් හයි කෝට් එකක් දමන බවටත් ජයලත්ගේ සහෝදරයකුට තර්ජනය කර ගොස් තිබෙනවා.

කෙසේ නමුත් දිනුෂව එදින රාත්‍රියේ ඥාතීන්ට හමුවී ඇති අතර හොදටම අසනීප නිසා සහ සිහිකල්පනාව අඩු බැවින් හෝමාගම රෝහලට ඇතුලත් කර ඇත. 2011.08.29 දින ඔහුව හෝමාගම රෝහලින් කොලබ ජාතික රෝහලට මාරු කර යවා ඇත. ඒ දින රාත්‍රියේ ගල්කිස්ස පොලිසියේ නිලදාරීන් නිවසට පැමිණ පුතා ඉන්න තැනක් කියපන් නැත්තන් තාත්තාව හරි අරගෙන ගිහින් මරනවා දන්නවනේ අපේ ලොක්කගේ හැටි යනුවෙන් ඥාතීන්ට තර්ජනය කර ඇත.

දිනුෂ මේවන විටත් කොලබ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ කනට ශල්‍ය කර්මයක් කලයුතු බව වයිද්යවරුන් පවසා තිබෙනවා. ඔහු දැනටත් කතා කිරීමේ සහ කෑම කැමේ අපහසුවෙන් පෙළෙනවා.

ජයලත් තම පුතාව නීති විරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා නගා 2011.08.25 දින සිට 2011.08.27 දක්වා රදවා තබාගෙන අමානුෂික ලෙස වදහිංසා පැමිණවූ ගල්කිස්ස පොලිසියේ හේමන්ත, යාපා සහ සම්පත් ඇතුළු පොලිස්කාරයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නයි බලදාරින්ගෙන් ඉල්ලා ඇත.


Tell a Friend