උඩුගම පොලිසිය පාසල් ශිෂ්යෙකුට වදහිංසා පමුණුවා බොරු නඩු 03 ක් දමයි.


හර්ෂි සි. පෙරේරා

ඉන්පසුව කාන්තිගේ පුතාවද පොලිසිය ඇතුලට ගෙන ගොස් ඇති අතර ඔහුද වේදනාවෙන් කෑගසා ඇත. එවිට තම පුතු කෑගසන නිසා වේදනාවට පත් කාන්ති තම හිස ඇය වැඩිවී සිටි පොලිසියේ සිමෙන්ති බැංකුවේ ගසා ගෙන ඇත. එවිට පොලිස් ස්ථානදිපති පැමිණ ඇයට අසබ්ය වචනයෙන් බැණ වැදී ඇත.

කේ. එච්. කාන්ති 43 හැවිරිදි විවාහක එක් දරු මවකි. රැකියාව කම්කරු වේ. 368, පරණ බතල වත්ත, ගොනදෙනිය, උඩුගම, ගාල්ලේ පදින්ච්කාරියකි.

ඒම. ආර්. නාලක ඇගේ පුතාය. වයස අවුරුදු 18 ක් වන ඔහු පාසල් ශිෂ්යෙකි. ඔහුව මලානි විසින් පන්සලේ නතර කර තැබුවේ උසස් පෙළට නායක හාමුදුරුවන්ගෙන් පාඩම් අසා ගැනීමටය.

නමුත් උඩුගම පොලිසිය විසින් 2011.04.27 දින සවස 07 ට පමණ ඔහුව අත්අඩංගුවට ගැනිණි. නමුත් පොලිසිය අත්අඩංගුවට ගැනීමේ හේතුව කිවේ නැත.

එදිනම උඩුගම පොලිසිය කාන්තිගේ පුතාව අත්අඩංගුවට ගැනීමට පෙර කටඋත්තරයක් ගැනීමට යයි කියා බලහත්කාරයෙන් කාන්තිව පොලිසියට රැගෙන ගොස් ඇත.

කාන්ති පොලිසියේ සිටින විට ඇගේ පුතාව සහ ඥති පුතෙකු වන චමින්දව පොලිසියට වැන් රථයකින් රැගෙන ඇවිත් ඇත. නාලකව පොලිස් කුඩුවට දැමු පොලිස් නිලදාරීන් චමින්දව පොලිසිය ඇතුලට ගෙන යන ලදී. එසේ ගෙන ගොස් ටික වෙලාවකින් චමින්ද බුදු අම්මෝ යනුවෙන් වේදනාවෙන් කෑගසනු කාන්තිට ඇසි ඇත. කාන්ති එදෙසට යාමට සැරසුණු විට පොලිස් නිලදාරීන් අසබ්ය වචනයෙන් බැණ වැදී ඇත.

ඉන්පසුව කාන්තිගේ පුතාවද පොලිසිය ඇතුලට ගෙන ගොස් ඇති අතර ඔහුද වේදනාවෙන් කෑගසා ඇත. එවිට තම පුතු කෑගසන නිසා වේදනාවට පත් කාන්ති තම හිස ඇය වැඩිවී සිටි පොලිසියේ සිමෙන්ති බැංකුවේ ගසා ගෙන ඇත. එවිට පොලිස් ස්ථානදිපති පැමිණ ඇයට අසබ්ය වචනයෙන් බැණ වැදී ඇත.

පසුව පොලිස් ස්ථානදිපති කාන්ති ගෙදර යවා ඇය අතේ බදින ඔරලෝසුව ගෙන්වා ගෙන ඇගේ ජංගම දුරකතනයද ඔහුගේ බාරයට ගෙන ඇත. නාලකට සහ චමින්දට කන්න දීමට යයි කියා ඇය ලවුවා පාන් රාත්තල් දෙකක්ද ගෙන්වාගෙන ඇත.

2011.04.30 වන දින පෙරවරු 6.30 ට පමණ කාන්තිගේ පුතාව සහ චමින්දව ගාල්ලේ පිහිටි මහේස්ත්රත්ගේ නිවසට ගෙන ගොස් වියාජ නඩු තුනක් දමා බන්දනාගාරගත කරන ලදී. එම වියාජ නඩු වල අංක 54486, 53829 සහ 49782 වේ. ඉන් එක් බොරු නඩුවක් බෝම්බ ලග තබා ගැනීමට බව ඇයට දැන ගන්නට ලැබී ඇත.

තම පුතාව උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා දින 04 ක් නීතිවිරෝදී ලෙස රදවා තබා ගෙන වියාජ චෝදනා නගා නඩු පවරා බන්දනාගාර ගත කිරීම ගැන කාන්ති නිත්‍යානුකුල පියවර ගන්නයි ඉල්ලා අදාල බලදාරීන්ට 2011.08.29 දින ලිකිතව පැමිණිලි කරන ලදී. ඇය එසේ පැමිණිලි කලේ මානව හිමිකම් කොමිසම, පොලිස්පති, ජාතික පොලිස් කොමිසම, ගාල්ල නියෝජ්‍ය පොලිස්පති සහ ගාල්ල ජෙෂ්ට පොලිස් අදිකාරී වෙතයි.


Tell a Friend