ඔන්න හදිසිය නැති සතුට කාබාසිනියා කරන්න යනවා

ඉවත් කල හදිසි නීති රෙගුලාසි වෙනුවට එහි අවශ්‍යතා යම් දුරකට ඉටුකිරිමෙලා අලුත් නීතියක් හදුන්වා දෙන බව අදිකරණ ඇමති කියයි.

හදිසි නිතිය අහෝසිකිරිම ගැන ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රසංසාව රාජපක්ස ආණ්ඩුවට හිමි විය. ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය එයට සතුට පල කළා පමණක් නොව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද ඉක්මනින් අහෝසි කරන්නයි රාජපක්ස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී.

මෙම හදිසි නීතියෙන් ආරක්ෂක අංශ වලට අත්අඩංගුවට ගැනීම සහ රදවා ගැනීම පිළිබද අසාමාන්‍ය බලතල හිමි විය. කෙසේනමුත් ආණ්ඩුව අලුත් නිතිය හදුන්වා දෙන්නේ ජනතා සුබසිද්දියට නොව බලය දනය සහ ඥාති සංග්‍රහය මත රට විනාශ කිරීමට එරෙහිව හඩක් නගනවුන් මර්දනය කිරීමටයි.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend