හර්ෂි සි. පෙරේරා
මාතර අකුරැස්සේ 10 හැවිරිදි පාසල් සිසුවියක දුෂණය කිරීමේ සිදුවීමට සම්බන්ධ පරීක්ෂණ සිදු කර කාමාතුරයාට හැකි උපරිම දඬුවම ලබාදෙන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ උපදෙස් දුන් බව අද අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.
යම් මානව හිමිකම් උල්ලන්ගනයක් වුවිට ජනපති සුවාදින පරීක්ෂණ කොමිසමක් පත් කරන බව කියා හෙළුව වසා ගැනීමට ක්‍රියා කල ආකාරයටම සමාන ක්‍රියාවකි. අවසානයේ පත්කළ කිසිදු කොමිසමකින් වැඩක් වුයේ නැත.
රාජපක්ෂ ජනපති උත්සාහ කරන්නේ මෙවැනි සිද්දීන් වලදී ඇතිවන මහජන අප්‍රසාදයෙන් තමාට ලකුණු දමා ගැනීමටය. එසේ නැතුව ඔහුට මෙම දරුවාට යුක්තිය සහ සාදාරනය ඉටුකිරිමේත් අනාගතයේ මෙවැනි සිද්දීන් වලක්විමේත් සැබෑ උවමනාවක් නැත.
අවසානයේ මෙම සිද්දියේ කාමාතුරයන්ට නීතියෙන් බේරීමට සහය වන්නේත් මේ දේශපාලකයින්, උන්ගේ නිතිය, පොලිසිය සහ අදිකරණයයි. ඉතිහාසය පුරාවටම සිද්ද වුයේ එයයි. වර්තමානයේ රාජපක්ෂ කරන්නෙත් එයයි. මේ තත්වය බහුතර දකුණේ සිංහලයින්ට තේරෙන විට රටටත් ජනතාවටත් වෙන්න ඕන විනාශය සිදුවී හමාරය.
Post a Comment