ජවිපෙ අවුල් ජාලය මුල සිට අගට


සන්ඬේ අයිලන්ඞ් පුවත්පතෙනි – පරිවර්තනය සනත්


ජනතා විමුක්ති පෙරමුණේ විපරිත ලිබරල් වාදී මැදහත් නායකත්වය සහ රැඩිකල් අන්තවාදීන් අතර මාරාන්තික යුද්ධය නිසා මෙතෙක් රහසක් ව තිබූ (මාක්ස්වාදී පක්‍ෂයේ) රහස් අනාවරණය වෙමින් පවති. මෙහි නවතම ආපාතිකයා (බිල්ල) වී ඇත්තේ පක්‍ෂයේ රහස් මාධ්‍යයන්ට දුන්නායැයි සැක කරන කැරලිකාර දේශපාලන මණ්ඩල සාමාජිකයෙකි. මෙයට සතියකට පෙරදී පක්‍ෂ මධ්‍යම කාරක සභාව මගින් ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගෙන ඇත. ඉහත කී දේශපාලන අර්බුදය පසුගිය දින කිහිපයේ මාධ්‍ය මගින් අනාවරණය කරන ලද නිසා බිම් මට්ටමේ පක්‍ෂ සාමාජිකත්වය පවා මේ පිළිබඳ දැනුවත් වී ඇත.

මේ අර්බුදය මැද සිටින්නේ ප‍්‍රධාන පෙළේ සාමාජිකයන් සය දෙනෙකි. සමහර අය හඳුන්වන්නේ එක් නමකින් පමණකි. මේ සය දෙනාගේ කල්ලියේ නායකත්වය දරන්නේ හිතවතුන් අතර කුමාර නමින් හැඳින්වෙන පේ‍්‍රම කුමාරන් ගුණරත්නම්ය. කෑගල්ලේ ඉපදී වෙන නමක් භාවිතා කරන 46 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ දයාලාල් වන්නියකාල්ගේ දස්කොන් නැමැත්තා සිංහල භාෂාව කථා කිරිමේ දක්‍ෂ දෙමළ භාෂාව කතා කිරිමට නොදන්නා අයෙකි. ඔහුගේ මා පිය දෙදෙනාම දෙමළ ජාතිකයන් වේ. මේ කණ්ඩායමේ අනිත් අය වන්නේ ඕපාත (නියම නම ඉඳුරුගේ), මාලන් (විජේසිරි) අසෝකා, දිමුතු ආටිගල, සහ ලසින් නමින් හැඳින්වෙන පුබුදු ජාගොඩය. මෑතක් වන තුරු මෙම අප‍්‍රකට සය දෙනා වඩාත් ප‍්‍රකට දේශපාලනඥයන් වන සෝමවංශ අමරසිංහ, (නායක) ටිල්වින් සිල්වා (ප‍්‍රධාන ලේකම්) අනුර කුමාර දිසානායක, විජිත හේරත්, ජී කුලරත්න සහ කේ.ඞී ලාල් කාන්ත සමඟ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය දැරූහ. සමහර දේශපාලන මණ්ඩල සභිකයන්ගේ නම් මැතිවරණ කොමසාරිස් වරයා වෙත ඉදිරිපත් කරන ලද ප‍්‍රකාශනයේද අඩංගුව නැත.

ජනතා විමුක්ති පෙරමුණ 1965 මැයි 14 වන දින රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් කුඩා කණ්ඩායමක් ලෙස ගාල්ලේදී පිහිටුවනු ලදී. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් මේ සිදුවීම පක්‍ෂය පිහිටවූ ග‍්‍රාමය සංකේතවත් කරන කැලැත්තෑවේ සාකච්ඡව ලෙස හඳුන්වනු ලබයි. (මෙය සිදුවුයේ සෝවියට් රුසියාවේ පැටි‍්‍රක් ලූලූම්බා සරසවියේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි රෝහණ විජේවීරට ආපසු සෝවියට් දේශයට යාමට නොහැකි වූ නිසාය. තම විෂය ධාරාවේ අංශයක් ලෙස මාක්ස්වාදී චින්තනය හැදෑරූ රෝහණ විජේවීර කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණියේය. චීනය සහ සෝවියට් දේශය අතර ලෝක කොමියුනිස්ට් පක්‍ෂ මත භේදය තිබු අවධියේ දේශීය කොමියුනිස්ට් පක්‍ෂයේ චීන පිල සමග ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවට රුසියානුවන් සැක කල නිසා නැවත ඔහුට රැුසියාවට යාමට වීසා නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප විය. ඔහුගේ විශ්ව විද්‍යාලයීය සමකාලීනයන් අතර 1978 සිට 2002 දක්වා කෙන්යාවේ ජනාධිපති තනතුර ඉසිලූ ඩැනියෙල් අරූපි මෝයි ද විය. 1971 සිදු වූ අසාර්ථක පිස්තෝල (ගල්කටස්* සහ තුවක්කු වලින් සන්නද්ධ කැරැුල්ලට ද ජ.වි.පෙ වගකිව යුතු වේ. බොහෝ පොලිස්ථාන වලට පහර දුන් ජනතා විමුක්ති පෙරමුණේ සටන් කරුවන් පොළිස් භටයන් මරා ආයුධ පැහැර ගත්හ. ජ.වි.පෙ තහනම් කරන ලද අතර තරුණ තරුණයන් 7500 ක් මිය ගොස් ඊට දෙගුණයකටත් වඩා අධික සංඛ්‍යාවක් හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා තබා ගන්නා ලදී. 1976 දී හදිසි නීතිය ඉවත් කරන ලදී. කෙසේ හෝ 1983 ජූලි මාසයේ ඇති වූ ජාතිවාදී කොල්ලය නිසා ජනතා විමුක්ති පෙරමුණ නැවත තහනමකට ලක් වුණ අතර 1989 ඔක්තෝම්බර් 13 වනදා නැවත අත් අඩංගුවට පත් වූ රෝහණ විජේවීර අත් අඩංගුවට පසු වෙද්දීම ඝාතනය කරන ලදී. මුල් දේශපාලන මණ්ඩල සභිකයන් අතරින් දැනට ජීවතුන් අතර සිටින එකම සාමාජිකයා වත්මන් නායක සෝමවංශ අමරසිංහ මහතා පමණකි. ඉන්දියාච භරභා බි‍්‍රතාන්‍යයට පලා ගිය ඔහු එහි සිට පක්‍ෂයේ කටයුතු මෙහෙය වූයේය. වර්ෂ 1994 දී හදිසි නීතිය ඉවත් වූ පසු ජ.වි.පෙ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයට එකතු විය.

ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ලෙස නැවත කරලියට පැමිණි එම පක්‍ෂය හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ආසනයක් පවා ජයග‍්‍රහණය කළේය. වර්ෂ 1994 දී පැවැත්වුනු ජනාධිපතිවරණය සඳහා නිහාල් ගලප්පත්ති මහතකා ජාතිය ගලවා ගැනීමේ පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස නම් කරන ලදී. වර්ෂ 2000 දී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජ.වි.පේ අපේක්‍ෂකයන් 10 දෙනෙකු මන්ත‍්‍රී වරුන් ලෙස තේරී පත් වූහ. පසුව පැවති 2001 මහා මැතිවරණයේදී එම පක්‍ෂය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආසන 16 ක් දිනා ගත්තේය. එමෙන්ම 2002 පැවති පලාත් පාලන මැතිවරණයේදී ආසන 219 ක් දිනා ගනිමින් ජ.වි.පෙ සාර්ථක ප‍්‍රතිඵල නෙලා ගත්තේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පැවැත්වූ මාස 10ක දීර්ඝ කාලීන සාකච්ඡුා වටයකින් පසු වර්ෂ 2004 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා ගන්නා ලදී. 2004 දී ජ.වි.ජප විසින් පාර්ලිමේන්තු ආසන 39 ක් සහ පළාත් පාලන මැතිවරණයේදී, ආසන 80ක් දිනා ගන්නා ලදී. 2005 මුල් භාගයේදී ජනතා විමුක්ති පෙරමුණ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය යටතේ පැවත එක්සත් ජනතා නිදහස් සංධාන රජයෙන් ඉවත් විය. එසේ වුයේ සුනාමි අරමුදල් එවකට එල්.ටී.ටී.ඊ පාලනය යටතේ පැවති ප‍්‍රදේශ වල කටයුතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් එතුමිය සමඟ ඇති වූ මත භේදයක් නිසාය. එල්.ටී.ටි.ඊ පාලන ප‍්‍රදේශවල සුනාමි පුනරුත්ථාපන කටයුතු සඳහා යාමට ජ.වි.පෙ තරයේ විරුද්ධ විය.

ජනතා විමුක්ති පෙරමුණ තුල ගැටුම් වඩාත් ඇවිස්සුනේ වර්ෂ 2010 දෙසැම්බර් මස පැවති ජනාධිපති මැතිවරණයට පෙර සිටය. හිටපු හමුදාපති සහ කලෙක යුධ වීරයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර වූ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පොදු අපේක්‍ෂකත්වය යටතේ සෑම විරුද්ධ පක්‍ෂයක්ම සමඟ එක්වීමට ගත් තීරණයක් අනුමත කරවා ගැනීම සඳහා පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවන ලදී. අනුර දිසානායක විසින් යෝජනාව දේශපාලන මණ්ඩලයට ගෙන ආ නමුත් එම වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. මෙහිදී කලකිරීමට පත්වූ දිසානායක දේශපාලනයෙක් සමු ගන්නා බවට තර්ජනයක් කළේය. මෙහිදී ඔහු අස්වැසූ ටිල්වින් සිල්වා මහතා දේශපාලන මණ්ඩල සාමාජිකයන් අමතා ඉතා හෘදයාන්ගම ඉල්ලීමක් ඉදිරිපත් කළේය. පක්‍ෂයක කාලීනව සිදුවිය යුතු වෙනස්කම් ගැන අවධාරණය කල ඔහුගේ කථාවෙන් පසු තත්ත්වය වෙනස් විය. දේශපාලන මණ්ඩලය කලින් ගත් තීරණය වෙනස් කළේය. දැන් පක්‍ෂය කාලය වෙනස් කරනු වෙනුවට කාලය සමඟ වෙනස් වීමට කැමති විය. ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතාට සහයෝගය පළකිරිමටත්, ඔවුන්ගේ නායකත්වයන් තුලින් තමන් විසින් ධනවාදීන් ලෙසද අධිරාජ්‍යවාදීන්ගේ සේවකයන් ලෙසද හැඳින්වූ පක්‍ෂවල නායකයන් සමඟ උරෙ නුර ගැටී වැඩකිරිමටත් පෙළඹුණේ මේ නිසාය. සරත් ෆොන්සේකාගේ අපේක්‍ෂකත්වයට සහයෝගය දීම සඳහා හෝටල් පි‍්‍රයසාද, පිළිගැනීම්, ධනපති ව්‍යාපාරිකයන් සඳහා දේශන, පුවත්පත් සාකච්ඡුා සහ කොක්ටේල් සාද සඳහාද ඔවුනට ඉඩ ලැබිණි. (මේ වසරේ ජූලි මාසයේදී ජනතා විමුක්ති පෙරමුණු මතවාදයේ අතිපාරිශුද්ධ ස්ථානයක් ලෙස සැලකෙන බෝල්ෂේවින් පක්‍ෂය ලෙස හැඳින්වෙන) කණ්ඩායම ගම්පහ රහසිගත ස්ථානායක හමුවූහ. එය ‘පක්‍ෂයක්’ ලෙස හැඳින්වුවද ජ.වි.පෙ ඉතා උද්යෝගිමත් කාර්යශීලී හා ඉතාමත් විශ්වාසවන්ත සාමාජිකයන් ගෙන් සමන්විත වූ එහි සාමාජික ශක්තිය 150 සිට 175 ක් දක්වා විය. රැුස්වීමට කලින් අන්තවාදීන් විසින් සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පරාජය හමුවේ මතු වූ කරුණු ගැන ප‍්‍රශ්න කරන ලදී. අනුර දිසානායක වැනි තනි පුද්ගලයෙකුට පක්‍ෂයේ ඉරණම වෙනස් කිරිම සඳහා හැකිවුණේ කෙසේද කියා ප‍්‍රශ්නකල ඔවුන් අවධාරණය කලේ ජ.වි.පෙරමුණේ අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා අනෙකුත් පක්‍ෂ සමඟ සන්ධාන ගත වීම උදව් නොකරන බවය.

අවුරුදු සියයකට පමණ පෙර වලැද්මීර් ලෙනින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු විප්ලවකාරීන්ට පසු බොල්ෂෙවික්වරුන් ලෙස හැඳින් වූ මේ කණ්ඩායම, තම පක්‍ෂයේ අනාගතය ගැන වාර්තා 3ක් ඔස්සේ සාකච්ඡුා කළහ. නායක අමරසිංහ සහ පක්‍ෂයේ ලේකම් ටිල්වින් සිල්වා වාර්තා 2ක් ඉදිරිපත් කළහ. බොහෝ දුරට එක සමාන වූ ඒ දෙදෙනාගේ අදහස් මධ්‍යස්ථ වූ අතර, පක්‍ෂයේ උන්නතිය සඳහා අනෙකුත් විරුද්ධ පක්‍ෂ සමඟ අන්තර් සබඳතා පැවැත්වීම ගැන කරුණු ඉදිරිපත් විය. මෙහිදී ඉහත කී ස්ථාවරය දේශපාලන වටපිටාව සමඟ වෙනස් වීම දක්වා මාරු විය.

කෙසේ වූවත් කුමාර වෙනස් පුද්ගලයෙක් විය. ඔහු පැවසුයේ අන් පක්‍ෂ සමඟ සම්බන්ධව කටයුතු කිරිම බරපතල වැරැද්දන් බවත්, පක්‍ෂය තමව අනන්‍යභාවය ගැන තක්සේරුවන් කළයුතු බවත් ඔහු පැවසීය. ඔහු කියා සිටියේ ධනවාදීන් සමඟ මොනයම් අවස්ථාවකදී වත් සම්බන්ධ කම් ඇතිකර නොගත යුතු බවය. කොටි සංවිධානය පරාජය වී ඇති මේ මොහොතේ ජ.වි.පෙ උතුරේ දෙමළ ජනයා වෙත වෙනස් ආකාරයකින් ළඟා විය යුතු බවත් ඔහු පැවසීය. මීට පෙර උතුරු ප‍්‍රදේශයේ පැවැත්වූ කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මව වන පාර්වතී ගේ අවමඟුල් උත්සවයේදී කුමාර සහ නායක අමරසිංහ අතර කෙටි බහින් බස් වීමක්ද ඇතිවිය. හිටපු කමිටු සභාපතිවරයෙකු වූ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු රාමලින්ගම් චන්ද්‍රසේකරන් නැමැත්තාව එම අවමඟුලට සහභාගී කරවන ලෙස කුමාර ඉල්ලා සිටියේය. කෙසේ වුවත් මෙසේ ආරංචිය කණවැකුණු සෝමවංශ අමරසිංහ කෝපයට පත්ව එය නැවත්වීය. මෙය ඔවුන් දෙදෙනො අතර උණුසුම් වචන හුවමාරුවකට හේතු විය. අනෙකුත් පක්‍ෂ සමඟ මිතුරු නොවීමේ කුමාරගේ මනාපයට බොල්ෂවික් වරුන්ගේ අනුමැතිය ලැබුණද ජ.වි.පෙ මධ්‍යම කාරක සභාවේ සහයෝගයක් ලැබුණේම නැති තරම්ය. රැුස්වීම් කීපයකදීම මෙය වෙනස්කම් මතු වී පෙනුණි. එක්තරා දේශපාලන මණ්ඩල රැස්වීමකදී සරත් ෆොන්සේකා ගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය සියලූ විරුද්ධ පක්‍ෂ වල පොදු අපේක්‍ෂිකාව ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තනතුරට ඉදිරිපත් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මෙහි අදහස වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පැරදවීම සහ විපක්‍ෂය එක් එකකයක් ලෙස ඉදිරියට යන බව මෙලෙස පෙන්වීමය. කෙසේ වුවත් එම යෝජනාව ඉටු නොවිනි. මෙය සඳහා ප‍්‍රමුඛ පෙලේ එක්සත් ජාතික පාක්ෂිකයින් පවා හසු වූ අතර මෙයට ඔවුන්ගේ සහයෝගය පවා නොලැබුණි. මේ සඳහා මාධ්‍ය මෙහෙයුමක්ද පැවැත්වුණි. සරත් ෆොන්සේකාව නිදහස් කිරිම සඳහා කොළඹ නගරයේ කළු ඇඳුමෙන් සැරසී විරෝධතාවයක් දියත් කිරීම අනුර දිසානායක මහතා කළ යෝජනාවට කුමාරගේ විරෝධය පළ විය. ඔහු කීවේ මේ සඳහා ජ.වි.පෙ සහභාගි නොවිය යුතු බවයි. කෙසේ හෝ ඔවුගේ වෑයම ඉටු නොවිනි. සරත් ෆොන්සේකා මහතාගේ සිර දිවියේ 150 වන දිනය සැමරීම සඳහා එම විරෝධතාවය අගෝස්තු 8 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේදී සිදු කෙරුණි.

කේ.ඞී.ලාල් කාන්ත විසින් දේශපාලන මණ්ඩලය විසුරුවිය යුතු බවටත්, රහස් ඡුන්දයකින් ඒ සඳහා සාමාජිකයෙක් පත් කිරිමට මධ්‍යම කාරක සභාවට බලය පැවරිය යුතු බවටත් දේශපාලන මණ්ඩල රැස්වීමකදී යෝජනාවක් ඉදිරිපත් කළේ මේ පසුබිම යටතේය. මාලන්, අසෝක, ලසින් (පුබුදු ජයගොඩ) සහ දිමුතු ආටිගල දේශපාලන මණ්ඩලයෙන් කැපී යාමට මේ ව්‍යායාමය කුමාර පාර්ශවය මඟින් හංවඩු ගසනු ලබන්නේ පක්‍ෂ පරමාදර්ශ සඳහා පෙනී සිටි අය ඉවත් කිරිම සඳහා දියත්කල කුමන්ත‍්‍රණයක් ලෙසට සහ බිමල් රත්නායක දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස එසේ කිරිමට කලදෙයක් ලෙසටය. මේ අන්තවාදී කැරලිකරුවන් බිමල් රත්නායක හඳුන්වන්නේ ‘ජාතිකවාදියෙක්’ ලෙසටය.

මේ අන්තවාදීන් විසින් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති මූලධර්ම වෙනස් කරමින් ගෙනයන ජ.වි.පෙ නායකයන් ගේ මේ මහා ආකල්පමය වෙනස්කම් ගැන පණිවිඩයක් කළුතර, රත්නපුර, අනුරාධපුර, ගම්පහ සහ පොලොන්නරුව සහ දිස්ත‍්‍රික්කවල සාමාජිකයන් වෙත පතුරුවා හරිමින් සිටිති. පක්‍ෂයේ ප‍්‍රචාරණ අංශය පමණක් නොව පක්‍ෂයේ පුවත්පත පවා කැරලිකරුවන් සතු නිසා ඔවුන් මෙහිදී වඩාත් ඉදිරියෙන් සිටිති. පක්‍ෂයේ ලංකා පුවත්පත ඇත්තේ පුබුදුගේ භාරයේය.

‘‘පක්‍ෂය විරුද්ධවාදී අන්තගාමීන්ගෙන් බේරාගත යුතු බව’’ ජේෂ්ඨ ජ.වි.පෙ නායකයන් පවසන්නේ මේ නිසාය. මුල් සාමාජිකයන් විසින් දිස්ත‍්‍රික් මට්ටමේ නායකත්ව පාලනය දිනා ගැනීම සඳහා දැනට වැඩ පිළිවෙලක් සකස් කර ඇත. අන්තවාදී කණ්ඩායම සමහර දිස්ත‍්‍රික්කවල, මේ ක‍්‍රියාවලියට බාදා කරමින් සිටිති. ප‍්‍රශ්නය වන්නේ බිම් මට්ටමින් ජ.වි.පෙ සාමාජිකයන් ඔවුන්ගේ නායකයන් විසින් පක්‍ෂයට ලබා දෙනු ලබන මධ්‍යස්ථ පෙනුම අනුමත කරයිද නැතහොත් අන්තවාදීන්ට පක්‍ෂ පාති වේද යන්නය. ජ.වි.පෙ නව සටන් පාඨය වන්නේ ‘‘රට අවුලක පෙරට එන්න’’ යන්නයි. සිනහ ඉපදවීමේ දක්‍ෂ ජ.වි.පෙ මුල් සාමාජිකයෙක් මේ සම්බන්ධයෙන් කීවේ ‘‘රට අවුල් නොවේ අපෙයි ඔළුව අවුල් වෙලා තියෙන්නේ’’ කියාය.

භේදය උග‍්‍ර මෙන්ම ජ.වි.පෙ මුල් සාමාජිකයන් කිහිප දෙනෙක් මෙසේ නියෝජිතයන්ගෙන් අසා ඇත්තේ දැනට බලාත්මක වන නීති අධිකාරීන් ඔස්සේ කුමාර සඳහා කිසිවක් කල හැකිද යන්නය. එම ව්‍යාජ බලපත‍්‍රයකින් නීතිවිරෝධිව ඔස්ටේ‍්‍රලියාවට ගමන් කරන නිසාය. මෙය කර ඇත්තේ වර්ෂ 2000 ඔක්තෝම්බර් මස 23 වන දින ඔහුට ලබාදී ඇත් බලපත‍්‍රය නොසලකා හරිමිනි. මේ කටයුත්ත සාර්ථක වුවහොත් එය එම මුල් සාමාජිකයාහටම පාරා වළල්ලක් වනු ඇති බවට සමහරු බිය පළ කරති. මේ අත් අඩංගුවට ගැනීම් ගැන කුමාර කැරලිකාර කණ්ඩායමේ හිතවතෙක් කියා සිටියේ ඇතැම් පක්‍ෂ ජේෂ්ඨයන් ජ.වි.පෙ සාමාජිකත්වයට සහ ලැබෙන ආදායමට නොගැලපෙන අන්දමේ දේපල උරුම කර ගත්තේ කෙසේ ද යන්න ඇතුළුව ‘‘රහස්’’ යැයි ඔවුන් සලකන බොහෝ දේ සමඟ ජනතාව හමුවට යාමට කුමාර සහ ඔහුගේ ආධාරකරවන් කටයුතු කරනු ඇති බවයි. බත්තරමුල්ල නව ජ.වි.පෙ මුලස්ථානය ඉදිකිරිමට මිලදී ගත් ගොඩනැගිලි ද්‍රව්‍ය වලින් නීති විරෝධිව නිවාස සදාගත් සමහර නායකයන් ගැන සවිස්තර ලියවිලි ඇතුළත් ලිපි ගොනු ගැනද සඳහන් ය. මෙම නිවාස සාදනු ලැබුවේ ජ.වි.පෙ ආධාරකරුවෙක් වන මූලස්ථාන ගොඩනැගිල්ල සෑදු කොන්ත‍්‍රාත් කරුවාම බවය. බොහෝ ජ.වි.පෙ සාමාජිකයන් දුප්පත් පවුල් පසුබිමකින් පැමිණි අය වුවත් සමහරු හදිසියේම පෝසත් වී ඇති බවද පැවසේ. ඔහු පවසා ඇත්තේ අත් අඩංගුවන් සමඟ කුමාරට තමන්ගේ නායකයන් ගෙවන සුඛෝපභෝගි ජීවිත ගැන බිම් මට්ටමේ සාමාජිකයන්ට ප‍්‍රබල පණිවිඩයක් දීමට අවස්ථාව ලැබෙන බවයි. නිළ වශයෙන්, ජනතා විමුක්ති පෙරමුණ තම පක්‍ෂ මුදල් ගැන තද ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන හා තද විනයක් පවත්වා ගෙන යන පක්‍ෂයක් ලෙස ප‍්‍රසිද්ධය. මන්ත‍්‍රීවරුන් උපයන වැටුප් රැස්කර තබන අතර වියදම් සඳහා මුදල් බෙදා දෙනු ලබයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද භාවිතා කල ආනයනය කරනු ලබන වාහන පවා පක්‍ෂයකට පවරා ගෙන බෙදා දෙනු ලබයි. මෙම චර්යාධර්ම උල්ලංඝණය කර කිසියම් මන්ත‍්‍රීවරයෙකු අසු වුවහොත් ඒ පිළිබඳව ලිඛිත පාපොච්චාරණයක් පක්‍ෂ නායකත්වය වෙත ඉදිරිපත් කර මින් ඉදිරියට මෙවැන්නක් නොකරන බවට පොරොන්දු වී සමාව අයැද සිටිය යුතුය. බොහෝ අවස්ථා වලදී ද`ඩුවම වන්නේ තද බල අවවාදයයි. බරපතල වරදකරුවන් නෙරපා හරිනු ලබයි.

සති කීපයකට පෙර ජ.වි.පෙ දෙමහල් මූලස්ථානය සහ දේපල මදනායක (මෙය නියම නම නොව පක්‍ෂය ලබා දුන් නමකි) යන අයගේ නමින් තිබිණි. මේ දේශපාලන ගොඩනැගිල්ල පක්‍ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා නමට හදිසියේ මාරු කර ඇත. මදනායක නැමැත්තාගෙන් ඔහුගේ නමින් ඇති ලියාපදිංචි නොකල ජ.වි.පෙ සතු වාහන දෙකක් මාරු කර දෙන ලෙස ඔහුට දැන් වූ අවස්ථාවේදී එය ප‍්‍රතික්ෂේප කරමින් ඔහු පවසා ඇත්තේ මුලින්ම පක්‍ෂයේ අර්බුදය විසදිය යුතු බවයි. තිදෙනෙක් හැර මුලස්ථානයේ සේවයේ නියුතුව සිටි අන් සියලූ දෙනාම පිටතට යවා ඇත්තේ ඔවුන් අන්තවාදීන් කණ්ඩායමට සහයෝගයක් පලකරනු බවට සැකයෙනි. පසුගිය දිනක ගම්පහ ශාඛා මුලස්ථානය හා දෙහිවල තම නමට ලියාපදිංචි කර ඇති පුද්ගලයා බත්තරමුල්ල මුලස්ථානය වෙත කැඳවා ඇත. ඔහුට තමාගේ නමට එය පවරා දීමේ ලියවිල්ලකට අත්සන් කර දෙන ලෙස ටිල්වින් සිල්වා දැනුම් දී ඇති නමුත් එය ප‍්‍රතික්ෂේප කරමින් ඔහු බලකර ඇත්තේ වර්තමාන පක්‍ෂ අර්බුදය විසදිය යුතු බවය.

ජ.වි.පෙ රංගනයේ ස්වාභාවය, විපක්‍ෂයෙන් කුමාර නැමැත්තාගේ නීති විරෝධි පිටරට ගමන් ගැන රජයේ ඉහල මට්ටමේ අවධානය යොමු වී ඇත. මේ හැරුණු විට 1980 මැද භාගයේත් ජ.වි.පෙ භීෂණ කාලයේදී එවකට ජ.වි.පෙ නායකයෙකු වූ කුමාර නැමැත්තා ඒ දින වල ත‍්‍රීකුණාමල බල සේනාංකාධිපති වූ කර්නල් සරත් ෆොන්සේකා මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමාරගේ හිතවතකු වූ හමුදා සෙබලෙකු විසින් කුමාර සන්නද්ධ ප්රඅහාරයන් සැලසුම් කරන බවට කරන ලද හෙලිකිරීම නිසාය. ‘‘පුනුරුත්තාපනය කරන ලද’’ කණ්ඩායමක් සම`ග ඔහු සිට ඇත. දිගු කලක් තිස්සේ මුහුද යට පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කල ස්ථාන කරා හමුදාව රැුගෙන යමින් ඉන්දියන් සාම සාධක හමුදාවට අයත් යානාවකට ඔහු ප‍්‍රහාර එල්ල කල ආකාරය ගැන හෙළිදරව් කරමින් හමුදාවට උදව් කර ඇත. මේ හැර පුනුරුත්තාපන කටයුතු කටයුතු වලදී හමුදාවට සහය දී ඇති ඔහු නාම පුවරු පින්තාරු කරුවෙකු ලෙසද සේවය කර ඇත. විශ‍්‍රාමලත් හමුදා නිළධාරියෙකු පැවසූයේ කුමාර පුනුරුත්තාපන කටයුතු සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් බවයි. ‘‘රැදවියන්ට ආහාර සපයන ලෙසද, ඇදුම් සපයන ලෙසද, කරුණාවෙන් කථාකරන ලෙසද, ඔහු අපට කීවේය. මෙය අපට ලාභදායක විය. ජ.වි.පෙ විධික‍්‍රමයෙන් කටයුතු කරන ආකාරය සහ ඔවුන්ගේ යුධ සැලසුම් ගැන විස්තර අනාවරණය කිරීමට ඔවුන් ආරම්භ කළහ’’ ඔහු පැවසීය.

පුනරුත්තාපනය වූ ජ.වි.පෙ සාමාජිකයන් 21 දෙනෙකු ජපානයට යැවීම සදහා තොරා ගන්නා ලදි. කෙසේ වෙතත් කුමාර තීරණය කලේ තමුන්ගේ ඥාතින් ජීවත් වූ ඕස්ටේ‍්‍රලියාව බලා යාමටය. පසුව ඔහු වෛද්‍යවරියකු වූ තම බිරිද සහ දරුවන් සමග ඕස්ටේ‍්‍රලියාවට ගිය බව ස`දහන්ය. ඔහු ආපසු පැමිණියේ තනිවය. රහස් පරීක්ෂක නිළධාරීන් විශ්වාස කරනා ආකාරයට ඔහු ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සාදා ගැනීම සදහා තමාගේ නමට සමාන ධීවර සංස්ථාවේ සේවයෙකුගේ නම භාවිතා කර ඇත. මෑතදී ලංකාවට ආපසු ඒමට පෙර ඔහු විසින් මේ ගමන් බලපත‍්‍රය නීති විරෝධි ලෙස භාවිතා කර ඇත. කෙසේ නමුත්, කුමාරගේ සමීපතයෙකු මේ චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටයේ ඔහු දිගටම රැකියාවේ රැදී සිටි බවයි. යම් හෙයකින් මේ සම්බන්ධව කුමාර අත්අඩංගුවට ගෙන අධි චෝදනා ඉදිරිපත් කලහොත්, නීති විරෝධි ලෙස ඕස්ටේ‍්‍රලියාවට ගමන් නොකල බවට ඔප්පු කිරීම ඔහුගේ කරපිට වැටී ඇත.

නම සදහන් කිරීමට අකමැති රජයට සම්බන්ධ පුද්ගලයෙක් කියා සිටියේ මේ සිදුවීම් ගැන තමන් ඉතා විමසිල්ලෙන් ස්ට්න බවත්, මේ අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියාවලියේ වාසි සහ අවාසි ගැන ප‍්‍රවේශමෙන් කිරා බලමින් සිටින බවත්ය.

මෙම ප‍්‍රකාශ මගින් පැහැදිලි වූයේ ‘රජය’ කුමාර පාර්ශවය වැලලීමේ කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බවය. මේ හේතුව නිසා කුමාර පසුපස සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ පරීක්ෂණ මන්දගාමි ස්වරූපයක් ගෙන ඇත. මෙසේ වී ඇත්තේ කුමාර ගේ සගයන් විසින් එකල නැගෙනහිර කොටි නායකයාව සිටි දැනට රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුව සිටින විනයාගමූර්ති මුරලිදරන් ගෙන් අවිආයුධ මිළදී ගත් බවට කුමාරගේ විරුද්ධවාදීන් විසින් කරන ලද ප‍්‍රකාශ පවා නොසලකා හැරීමෙනි. මෙය තදබල ලෙස ප‍්‍රතික්ෂේප කරන කුමාර කණ්ඩායම පවසන්නේ තමන් සන්තකයේ කිසිදු ආයුධයක් නොමැති බවයි. දේශපාලන කණ්ඩායම් වලට රහසිගතව භීෂණය ට යොමුවීම සදහා පසුබිම සකස්වීම වැළැක්වීම මෙහි තවත් හේතුවකි.

දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමති ධූරයක් උසුලන විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටිය දී ඔහු ‘ජාතික දේශහිතෛෂී පෙරමුණේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා විය. මේ සදහා කුමාර පාර්ශවයෙන් උදව් නොලැබුණි. එකල ජ.වි.පෙ අධ්‍යාපන අංශයෙ ප‍්‍රධානියාව සිටි කුමාර රැුසියානු ප‍්‍රකාශනයකට අනුව ‘‘සාරය’’ යැයි නම් තැබුණු තමාගේම ප‍්‍රකාශණය ඔහු විවේචනය කිරීම සදහා යොදා ගත්තේය. එකල විමල් වීරවංශ මහතාගේ භූමිකාවට ඔහු දැඩිලෙස ප‍්‍රහාර එල්ල කලේය. කුමාර ගේ සහෝදරයාවූ රඝුනාදන් ගුණරත්නම් 1987 – 1989 පැවති ජ.වි.පෙ භීෂණයේ දී මරණයට පත් විය.

මෙම මාරාන්තික සටන් තිබියදීත් පක්ෂය බිදී යාමේ ආසන්න අවධානමක සලකුණු දකින්නට නැතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානීන් ස්ථීර ලෙසම කියා සිටිති. ප‍්‍රශ්න විසදා ගැනීමට සම්මුතියක් ඇතිකර ගැනීම සදහා දෙපාර්ශවයේ දුතයන් අතර සාකාච්ඡ පැවැත්වෙමින් ඇත. තරුණ පුද්ගලයෙකුට පක්ෂ නායක්ත්වය ලබා ගැනීමට ඉඩ සැලසීම සදහා වත්මන් නායත් සෝමවංශ අමරසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමට යන බවට වාර්ථා පලවෙන අතර ඉහත කී පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, අමරසිංහ මහතා මේ වාර්ථා තහවුරු කලේ නැත. කුමාර ස්ථීර ලෙසම ප‍්‍රකාශකර සිටියේ තමා හෝ තම කණ්ඩායම ධනපති පක්ෂ ඇතුළු කිසිම පක්ෂයක් සමග එකග නොවන බවය. බලයට පැමිණීම සදහා තද පක්ෂයේම සැලසුම් සූදානම් කල යුතු බවය.

පක්ෂයේ මුල් සාමාජිකයන් කෙසේ ප‍්‍රතික්ෂේප කලත්, නිසැක ලෙසම ජ.වි.පෙ බැ?රුම් අභ්‍යන්තර අර්බුධයකට මැදිවී ඇත. නායක සෝමවංශ අමරසිංහ ගෙන් අර්ථකථනයක් කරන ලෙස ඉල්ලා සිටි අතර, ඔහු මුලින් කියා සිටියේ මේ සම්බන්ධව කිසියම් ප‍්‍රකාශයක් කිරීම සදහා තමන්ට ඉඩක් නොමැති බවය. පක්ෂයේ බිදීම ගැන ඔහුගෙන් විමසන විට ඔහු කියා සිටියේ පක්ෂයේ එවැනි බි`දී යාමක් නොමැති බවත්, පක්ෂය කැඞී යාමක් නැති බවත්ය. ‘‘පක්ෂයේ ඒ ආකාරයේ කිසිදු සිදුවීමක් ගැන තමා දුටුවේ නැතිබවත් ඔහු පැවසීය. මිත‍්‍රශීලී දේශපාලකයකු ලෙස හැදින්විය හැකි සෝමවංශ අමරසිංහ මහතා ඉතා අමාරු සහ අප‍්‍රසන්න තත්වයකට පත්ව ඇති බව නිසැකය. ඉදිරි සති කීපය තුළ මෙම බෙදීයාමේ ආරංචිය පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකත්වය කර පැමිනුන විට මේ තත්වය ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඔහුට නෙලැබෙනු ඇත.

රටේ සමස්ථ දේශපාලන සන්දර්භය තුළ ජ.වි.පෙ අභ්‍යන්තර අර්බුධය ස්ථීරවම එතරම් සුභදායක නැත. මෙය නිර්මාණය වී ඇත්තේ රටේ ප‍්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ඉතා දුර්වල මට්ටමක පවතින අවධියක සහ ඉතිරිව ඇති සුළු හෝ බලය ඔක්තොම්බර් මස 08 වන දින පලාත් පාලන ආයතන 23 ක් සදහා පැවැත්වෙන ඡුන්දයේ ප‍්‍රථිඵල මත ර`දා පවතින නිසාය. මෙතෙක් කල් යමක් සිදු වන තුරු බලා නොසිට ක‍්‍රියාකාරි වීමේ භූමිකාව ර`ග දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ අප‍්‍රප‍්‍රාප්තිය නිසා ඇති වුන රික්තකය විශාල ප‍්‍රමාණයකින් පිරවුයේ ජනතා විමුක්ති පෙරමුණයි. (දැනට එය තත්ත්වය නැති වී ඇති අතර) නුදුරේදීම හෝ පසුව එය මඳ වශයෙන් සාධනීය වූ හෝ සාධනීය නොවන විපක්‍ෂයක් රටේ ඇති වීම සඳහා විශාල රික්තයක් වනු ඇත. මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විශාල වාසියක් අත් කර දෙනු අතර සුළු උත්සාහයකින් විශාල දේශපාලන අස්වැන්නක් නෙලා ගැනීමට මේ නිසා ඔහුට හැකිවනු ඇත.

Tell a Friend