නැගෙනහිර ළමුන්ට ඉන්දියාවෙන් පරිගණක.


ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දෙමල සිසුන් බහුතරය සිටින පාසල් 261 ක් සිසුන් ලගදීම සිය පරිගණක තාක්ෂනය ඉගෙනීම ආරම්බ කරනු ඇත. සෙනසුරාදා ඔවුන්ට ඉන්දියාව විසින් පරිගණක 1250 ක් තෑගි ලෙස ලබා දෙන ලදී. ඉන්දියානු මහා කොමසාරිස් අශෝක් කේ කාන්තා සහබාගි වූ උත්සවයකදී තෝරාගත් විදුහල්පතිවරු කිහිප දෙනෙකුට පරගණක කිහිපයක් ලබා දෙන ලදී. ඉන්දියාව ආරම්බ කල තවත් කටයුත්තක් වුයේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිද්දා පිටයට උපකරණ ලබා දීමයි. ශ්‍රී ලංකාවට අයුරේද සහ සිද්දා වෙදකම පිළිබද දීර්ග ඉතිහාසයක් ඇත. කාන්තා මහතා ප්‍රකාශ කලේ ලංකාවේ සංවර්දන වියපෘති රැසකට ඉන්දීය ආදාර ලැබෙන බවයි. සේවා නමැති ඉන්දීය රාජ්‍ය නොවන සංවිදානය නැගෙනහිර වැන්දබුවන් ජිවනෝපයක් සදහා පුහුණු කිරීම සිදු කරනු ලැබේ.

ද හින්දු ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend