ස්විස්ටර්ලන්තයේ කොටි පාසැල් තහනම් කෙරේ

දීර්ඝ කාලයක් තිස්සේ කොටි සංවිධානය විසින් ස්විස්ටර්ලන්තයේ පවත්වාගෙන ගිය දෙමළ පාසල් කිහිපයක් තහනම් කිරීමට ස්විස් රජය කටයුතු කිරීමෙන් අනතුරුව ඩිටිකොන් සහ විනටර්තුර් යන පාසල් වල කටයුතු නතර කරන්නැයි අදාළ සංවිධායකයින්ට සුවිස් රජය විසින් දැනුම් දී ඇත.

මේ අනුව ඉහත සඳහන් සුවිස් රජයේ පාසල් ගොඩනැගිලිවල සතියේ බදාදා දිනවල සවස් වරුවේ පැවැත්වුණු දෙමළ භාෂා අධ්‍යන කටයුතු නතර කිරීමට සුවිස් රජය ක්‍රියා කොට ඇත. අදාළ තොරතුරු පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන IlankaiNet වෙබ් අඩවියට අනුව දීර්ඝ කාලයක් තිස්සේ ස්විස්හී පැවැත්වෙන පාසල් වලින් බොහොමයක් කොටි සංවිධානයට අනුබද්ධ දෙමළ අධ්‍යාපන සේවය මඟින් පවත්වාගෙන යනු ලැබීය.

මෙම පාසල් පැවැත්වීමෙන් ඉන් අතිරේඛ අදායමක් තම සංවිධානයට ලැබෙන අතර එසේම කොටි සංවිධානයේ අදහස් ශිෂ්‍යන් අතර ප්‍රචාරය කිරීමටද ඉන් අවකාශ ලැබේ. එය ළමුන් කොටි සංවිධානය කෙරෙහි බලහත්කාර කැමැත්තක් ඇති කිරීමකි. අදාළ කාරණා සම්බන්ධයෙන් එම රටවල සිටින මැදිහත් දෙමළ ජනතාව ස්විස් රජයෙන් කළ ඉල්ලීම සලකා ගෙන ස්විස් ආණ්ඩුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. ඒවා නැවත ආරම්භ කිරීමටනම් අදාළ පාසල් වල කොටි සංවිධානයට අදාළ කිසිඳු කටයුත්තක් නොකළ යුතු බවත් එය ඔප්පු කළ යුතු බවත් රජය දැනුම් දී ඇත.

නමුත් අදාළ පාසල් පවතවාගෙන ගිය කණ්ඩායමට අතමන් කොටි සංවිධානය සම්බන්ධ නැති බව ඔප්පු කිරීමට නොහැකි වී ඇත. එසේම අදාළ තත්වය තව දුරටත් සංකීර්ණ වුව හොත් දෙමළ ඩයස්පෝරාව විසින් පවත්වාගෙන යන පාසැල බොහෝමයක් වසා දැමීමට සිදු වන බව අදාළ වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

Tell a Friend