ගාල්ල සහ අක්මීමන පොලිසියෙන් පිඩාවට පත්වන තවත් එක් කාන්තාවක්.

තම බැනාට එරෙහිව අයිරාංගනී මහත්මිය සහ ඇගේ දියණිය ගාල්ල සහ අක්මීමන පොලිසි වලට කරන පැමිණිලි විබාග කිරීමේදී පොලිසිය ගන්නේ බැණා වන නිරෝෂන් චන්දිමාල්ගේ පැත්තයි. ඔහු ගාල්ල පොලිස් බැරැක්කවල නැවතී සිටින පොලිස් නිලදාරියකුගේ පවුද්ගලික වාහනයක රියදුරු ලෙස කටයුතු කරයි.


හර්ෂි සි. පෙරේරා

තෝ මේකට අත්සන් කරපන් ........තෝව දානවා කුඩුවට.... තෝ දාගනින් හොද පොල්ලක් ....මේ අක්මීමන පොලිසියේ එස්. අයි විමලසිරි 55 හැවිරිදි ම්ත්තනියකට අසබ්ය වචනයෙන් බැණ එළවා ගත් අයුරුයි.

පුස්වැල්ල හේවගේ අයිරාංගනී මහත්මිය 185/අ ජනබලගම, කුරුදුවත්ත, අක්මීමන පදිංචිකාරියකි.

ඇය ගාල්ල සහ අක්මීමන පොලිසි වලට ගියේ තම බැනාගෙන් තම දියණියටත් මුණුබුරන් තිදෙනාටත් වන තාඩන පීඩන ඉවසිය නොහැකිවය. ඇගේ බැණා කුඩු බෝයි. ඊට අමතරව සිය දියණියගෙන් සල්ලි ඉල්ලාගෙන සුදු කෙළියි. සල්ලි නොදුන්විට දියණියට පහර දෙයි.

මනිෂ දිමාල් (9), හසිත යසන්ති (5) සහ නිරෝද (3) ඇගේ මුණුබුරන් තිදෙනා වේ. මින් වැඩිමල් දරුවා දැන් පාසල් නොයයි. මේ ළමුන් දෙදෙනාගේ පෝෂණය , ඇදුම් පැළදුම් සහ අනික් අවශ්‍යතා ගැන තාත්තා සොයා බලන්නේ නැත. මේවනවිට ඇගේ දියණිය ගෙදර අතහැර ගොස් සිටින්නේ සැමියාගේ වද බන්දන ඉවසීමට නොහැකිවය.

මේ රටේ පොලිසි වල ළමා හා කාන්තා කාර්යාංශ, ළමා ආරක්ෂක අදිකාරිය, පරිවාස සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවක් ඇති බව අපි දනිමු. ඊට අමතරව තවත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ළමා හා කාන්තා සංවිදාන මේ රටේ ඕනෑ තරම් තිබේ.




Tell a Friend