ගලේතැන්නේ කපුවාගෙන් හමුදාවට නියෝගයක්

අමිල ගුණරත්න

මුලතිව් හි පවත්වන දානයක් සඳහා ශ්‍රමයට හමුදා සෙබළුන් පිරිසක් ලබා දෙන ලෙසටද , තමා එම ස්ථානයට එන විට මල් අතුරා පිළිගැනීමේ කටයුතු කරන ලෙසටද ගලේතැන්නේ කපුවාගෙන් හමුදාවට නියෝගයක් ලැබී තිබේ. මෙම කපුවාගේ මුදල් සහ අනෙකුත් ප්‍රතිලාභ නිසා ඇස් ගිණිකනා වැටී ඇති උසස් නිලධාරීන් කිහිප දෙනකු හමුදාව අවමන් සහගත තත්වයකට පත් කරමින් අදාල නියෝගය ඉටු කරන ලෙස දන්වා තිබේ. මේ නිසා හමුදා සෙබළුන් බොහෝ දෙනෙකු එම නියෝගය ගැන කලකිරී ඇත. මෙම කපුවාගේ හොර බොරු ක්‍රියා සහ තම මවට සලකන අන්ත තුප්පහි ආකාරය ගැන නෙත් එෆ් එම් නාලිකාව විසින් හෙළි කරනු ලැබිය. ගලේතැන්නේ හොර කපුවා බැතිමතුන්ට දේව පූජාව සඳහා ගෙන එන ලෙස නිර්දේශ කරන්නේ ස්වර්ණමහල් හි රත්තරන් පවුම් වන අතර ස්වර්ණවාහිනියද ඒ සඳහා කෘතගුණ සලකන්නේ මෙම කපුවාගේ සියලු පුජා වලට උපරිම ප්‍රචාරය ලබා දෙමිනි.

Tell a Friend