හර්ෂි සි. පෙරේරා
2008 වසරේ සිට ජනසංසදය වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලෙවි කුටියක් පවත්වාගෙන යයි. ඊයේ එහි පැමිණි දමිල ජාතික ඉංජිනේරුවරයකු ඉහත ප්‍රකාශය කළේය. ඔහු වැඩිදුරටත් කිවේ තමන් රාජපක්ෂට විරුද්ද නැති මුත් යාපනයට පමණක් සිමා වූ දෙමල ජනයා ලියාපදිංචිය අසාදාරන මෙන්ම සුළු ජාතින් වෙනස් කමකට බාජනය කිරීමක් බවයි.
මෙවර ජනසංසදය පොත් කුටිය H ශාලාවේ අංක 396 හි පැවැත්වේ. එහිදී ලබා ගතහැකි පොත් සියල්ල මානව හිමිකම් සහ නීතියට අදාලයි. බොහොමයක් පොත් ජනසන්සදයේ ප්‍රකාශන වන අතර හොන්කොන් හි ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශන හා ස්ත්‍රී පුරුෂ සමාජ බාවය ගැන තිලිනා වීරසිංහ සහෝදරියගේ පොත්ද මෙහිදී ලබා ගත හැක.
පොත් ලබා ගන්නන් අතර පොලිසියේ සහ හමුදා නිලදාරින්ද සිටීම සුවිශේෂී කරුණකි. එක් පොලිස් ලොක්කෙකු අකුණ පොත සහ අනෙකුත් මානව හිමිකම් උල්ලන්ගනයන්ට අදාල පොත් ගැන කිවේ දැන් පොලිසියේ ක්‍රියා මාකට් වන බවත් පොඩි දේවල් ලොකු කර ලියන බවත්ය. අකුණ යනු සෑම සිකුරාදාම දිනමිණ පත්‍රයේ පල වන අකුණ විශේෂාංගය ලිපි පෙලේ එකතුවකි.
මෙම අලෙවි කුටියේදී ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදනයද බැසිල් ප්‍රනාන්දු මහතාගේ ගයිගස් රින් ද යනුවෙන් රටට වින කරන 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව සහ ජේ ආර් පාලනය ගැන ලියවුනු අලුත්ම පොතද ලබා ගත හැක.
පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය හෙටයි.
Post a Comment