විශ්වසනීය ආශ්චර්යක්,

ඉන්දියන් සාගරයේ ඒ පුන්චිතිත වංචාව සහ දුෂණය අතින් ඉතා මැතකදිම ආසියාවේ ආශ්චර්ය වනු ඇත.

සිද්දිය 01

උතුරත් උතුරු මැදත් යා කැර මැදවච්චියේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට වසර තුනක් තිස්සේ ගත් උත්සහාය අසාර්ථක වී ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම ඇමැති කේ.එච්. නන්දසේන මහතා කියයි. රුපියල් හැට ලක්ෂයක අක‍්‍රමිකතාවයන් ද සිදු වී ඇතැයි කියන ඔහු ඒ ගැන පරීක්ෂණයක් ද අරඹා ඇතග. කඩ කාමර විසි අටක වැඩ ඉවරයි. ඒත් කිසි වැඩක් නෑ. වැඩ අවසන් කරන්න තවත් රුපියල් කෝටි පහක් හයක් ඕනෑ’ යැයි ද පළාත් ඇමැති පවසයි.

සිද්දිය 02

රුපියල් එක් ලක්ෂ හැට දාහක අල්ලසක් ගෙන හොර ලියැවිලි හදා කතුන් දෙදෙනකුට හොර ගුරු පත්වීම් දෙකක් හදා දුන්නැයි ඇඹිලිපිටිය ජාතික පාසලේ ගුරුවරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ඔහු දෙයියන්දර පදිංචි තුන්දරු පියෙකි. සබරගමුව පළාතේ හිටපු අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ අත්සන හා නිල මුද්‍රව ව්‍යාජ ලෙස යොදා මේ පත්වීම් ලබාගෙන ඇතැයි කියති. එසේ පත්වීමක් ලද කතක මාතර කඹුරුගමුව මහා විදුහලෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කැර ඇති අතර අනෙක් කාන්තාව සොයයි.

නමුත් මේ තත්වය සාමාන්‍ය ජනතා හඩට වෙනස් කල හැක. එහි සමාරම්බක පියවර හැටියට මෙරට දුෂිත පොලිසිය නිවැරදි කළයුතුව ඇත. මුර බල්ලන් නිවැරදි නොවී අන් අයට බන දෙසීමෙන් පලක් නැත.

හර්ෂි සි. පෙරේරා





Tell a Friend