හර්ෂි සි. පෙරේරා
ඔහු ළමයෙකි. වයස අවුරුදු 17 ක් වන ඔහු නමින් සජිත් සුරංගය. ගාල්ලේ පදිංචිකරුවෙකි.
2011.08.23 දින රාත්රියේ ඔහුව තෙලිකඩ පොලිසියේ පොලිස් නිලදාරීන් සිවුදෙනෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසියට ගෙන යාමටත් පෙර පොලිස් නිලදාරියෙකු සජිත්ගේ කනට දැඩි පහරක් එල්ල කළේය.
තෙලිකඩ පොලිසියට ගෙන යාමෙන් අනතුරුව පොලිස්කාරයින් ඔහුගේ පපුවට සහ මුහුණට අතින් පයින් පහරදී බැටන් පොලු වලින් කකුල් වලට පහර දෙන ලදී. පොලිසියේ තිබු සිමෙන්ති කණුව වටේ සජිත්ගේ අත් දෙක යවා පොලිස් කාරයින් දෙදෙනෙකු ඔහුගේ අත් දෙකෙන් ඇද සිටින විට තවත් පොලිස්කාරයින් දෙදෙනෙකු බැටන් පොලු සහ අතින් පයින් සජිත්ගේ ශරීරයට පහර දුන් අතර මේ පහරදීම පැයක පමණ කාලයක් පැවතිනි.
![]() |
තුවාල කැලැල් |
සජිත්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ එය බැලීමට රැස්වූ සෙනගට පොලිසිය ඔහුව හදුන්වා දී ඇත්තේ ග්රීස් යකෙකු ලෙසයි.
24 වැනිදා ඔහුව සහ ඔහු සමග අත්අඩංගුවට ගත් සුසන්තව රෝහලකට ගෙන ගොස් ඇති අතර ඔවුන්ව වයිද්යවරයා පරික්ෂා කර ඇත්තේ පොලිස්කාරයින් ඉදිරිපිටදීය. සජිත් තමාට පොලිසිය පහර දුන් බව වයිද්යවරයට කියා ඇත.
එදින සවස ඔවුන්ව බද්දේගම මහේස්ත්රාත් අදිකරණයට ගෙන ගිය අතර සජිත්ට එරෙහිව කාන්තාවකට අතවර කිරීම පිළිබද වියාජ චෝදනාවක් නගා තිබිණි. සජිත් වෙනුවෙන් පෙනී සිටි නිතින්ඥයා පොලිස් පහරදීම ගැන අදිකරණයට කරුණු කියා සිටින ලදී. සජිත්ව සහ සුසන්තව 2011.09.07 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරුනා.
ඇප ලැබීමෙන් පසුව සජිත් කරාපිටිය රෝහලට ඇතුළුව ප්රතිකාර ගත්තා. අදිකරණ වයිද්ය නිලදාරී ඔහුව පරික්ෂා කල අතර රෝහල් පොලිසියද කට උත්තර ගත්තා. 2011.09.10 දින ඔහුගේ ටිකට් කැපුවා.
ඔහු ටිකට් කපා ගෙන ගෙදර එමින් සිටියදී ඔහුට තෙලිකඩ පොලිසියේ ස්ථානාදිපති ඇතුළු පොලිස්කාරයින් කිහිපදෙනෙක් හමුවුනා. ඔවුන් "උබලා ඉස්පිරිතාලේ නැවතුනේ අපිට කෙලවන්නද බලහන් මාස තුනකටවත් උබළාව ඇතුලට යවනවා" යනුවෙන් සජිත්ට තර්ජනය කළා.
![]() |
සජිත් සහ පියා |
Post a Comment