තායිලන්තයේ ගංවතුර හේතුවෙන් 150 ක් මරුට

කිෂානි වැලිවිටිගොඩ

මාස දෙකක පමණ කාලයක් පැවති අධික ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 150 ක් මියගොස් ඇති අතර මිලියන 7 ක් පමණ වන තායිලන්ත වැසියන් අවතැන් වී සිටිති.

තවත් 3 දෙනෙකු සංඛ්‍යා ලේඛන වලට වලට ඇතුලත් කර නැති බව තායි අධිකාරිය විසින් සෙනසුරාදා ප්‍රකාශ කර ඇති බව ඒ. එෆ්. පි. පුවත් සේවය වාර්තා කරයි. පසුගිය සිකුරාදා දින රාත්‍රියේ මවුන්ටෙඉන්ස් ෆන්ග් දිස්ත්‍රික්කයේ උතුරු චියන්ග් මායි පළාතේ පැවති ගංවතුරට දෙහැවිරිදි වියේ පසුවන කුඩා දරුවකු සහ මාස 9 ක් වියැති ඔහුගේ සහෝදරයකු ලාබාල වියේ පසුවන කුඩා දරුවන් දෙදෙනෙක් ගොදුරු වී ඇත.

ජුලි මාසයේ මැද සිට පවතින මෙම ගංවතුර නිසා එරටේ උතුර, උතුර නැගෙනහිර සහ මධ්‍යම පළාත් 77 කින් 57 ක් පීඩා විඳිති. රජය ප්‍රකාශ කරන අන්දමට ඇතැම් ප්‍රදේශ වල වතුර බැස ගියත් තවමත් පළාත් 23 ක ගංවතුර පවතින බව වාර්තා වේ. ගංවතුර වලින් එරට වැසියන්ගේ නිවාස සහ ව්‍යාපාර යට වී ඇති අතර ඔවුන්ගේ ගොවි බිම්, මාර්ග සහ පාලම් විනාශ වී ඇත.


Tell a Friend