මාහට නිදහසේ රැකියාව කරගෙන ජීවත්වීමට ඉඩ දෙන්න.


හර්ෂි සි. පෙරේරා

50 හැවිරිදි කළුතරගේ ලලිත් නන්දන විවාහක එක් දරු පියෙකි. ඔහුගේ රැකියාව සංචාරක මගපෙන්විමයි. ඔහු 490, හමන් ස්ටේට්, 2 වන අදියර, ගං ඉම, දොඩන්ගොඩ පදිංචිකරුවෙකි.

2011.09.02 දින දහවල් දෙකට පමණ කළුතර දකුණ පොලිසියේ අජිත් නමැති පොලිස්කාරයා විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව පොලිසියට ගෙන ගොස් කිසිම ප්‍රකාශයක් නොගෙන මුදා හැර ඇත. ඔහුට අත්අඩංගුවට ගැනීමේ හේතුව කීමට පොලිසිය නීතියෙන් බැදී ඇතත් එය සිදු කර නැත.

2011.09. 08 දින පෙර පරිදිම කළුතර දකුණ පොලිසිය ලලිත් නන්දනව අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය ඔහුට විරුද්දව ප්‍රසිද්ද ස්ථානයක දුම්බීම පිළිබද දාපු නඩුවකට වරෙන්තුවක් ඇති බව කියා කුඩුවට දමන ලදී.

ඔහුව 2011.09.09 දින අදිකරණයට ඉදිරිපත් කර රුපියල් 1500 ක දඩයක් ගෙවීමෙන් අනතුරුව මුදා හැර ඇත. ලලිත් නන්දන එය බොරු නඩුවක් බව කියයි.


ලලිත්ට උසාවි කුඩුවට නැගීමටත් පෙර එම දඩය නියම කර ඇති අතර ඔහුට තම නිවැරදි බව කීමට අවස්ථාවක් ලැබී නැත. එම නඩුවේ අංකය 88747 වේ.

මෙම දිගින් දිගටම සිදුවන පොලිස් හිරිහැර වලට හේතුව කුමක්ද? ලලිත් නන්දන 2005 වසරේදී කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ ඔහුගේ සංචාරක මගපෙන්වීමේ බලපත්‍රය වෙනත් පුද්ගලයකු නීතිවිරෝදී ලෙස බාවිතා කිරීම සම්බන්දයෙනි. එහෙත් 2010 වනතුරුම පොලිසිය ඒ ගැන කටයුතු කලේ නැත.

ලලිත් මේ ගැන පොලිස්පතිවරයාට සහ ජනාදිපතිවරයට පැමිණිලි කරන ලදී. 2011 අප්‍රියල් මාසයේ දිනක මේ ගැන පරික්ෂා කිරීමට ලලිත්ව කළුතර දකුණ පොලිසියට කැදවා ඇත. එහිදී ඔහුට කරුණු තේරුම් කර නොදී ප්‍රකාශයකට අත්සන් කරන්නයි කියා තිබේ. නමුත් ලලිත් එයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ නිසා කළුතර දකුණ පොලිසිය ඔහු සමග අමනාපයෙන් පසු වේ.


Tell a Friend