හර්ෂි සි. පෙරේරා
එල්ලුම්ගස දිරාපත්වීමට ඉඩදිය නොහැකි බව තමාගේත් 80% ක පමණ ජනතාවගේත් අදහස බවද බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් පි. ඩබ්ලිවු. කොඩිප්පිලි මහතා කියයි.
මේ බව අද දිවයින පුවත් පතේ පල විය.
මෙයින් පෙනීයන්නේ මොවුන්ට නිතිය දිරාපත්වීම පිළිබද කිසිදු අවබෝදයක් නැති බවයි. බන්දනාගාර වල සියට 70 කට වඩා සිටින්නේ සැකකරුවන්ය. එයින් බොහොමයක් අවුරුදු 8, 9 සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවත්නා අකාර්යක්ෂමතාව, දුෂණය සහ අසංවේදී බව නිසායි. ඒ වගේම මෑතකදී ආණ්ඩු පක්ෂයට අයත් දුමින්ද සිල්වා, චන්දන කත්‍රිආරච්චි වැනි අපරාදකරුවන් නිදහස් කෙරිණි. එපමණක් නොව ඔවුන්ට රාජ්‍ය ආරක්ෂක අංශයේ සහ පාලක දේශපාලන පක්ෂයේ තනතුරුද හිමි විය.
මරණ දඩුවම දඩුවමක් නොවේ. දඩුවමකින් අපේක්ෂා කරන්නේ වැරදිකරුවකු පුනුරුත්තාපනය කිරීමයි. මරණ දඩුවම ක්‍රියාත්මක වන ලොව කිසිදු රටක අපරාද වල අඩුවීමක් සිදුව නැත.
බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් වැනි පුද්ගලයකුත් නීතියේ අඩු පාඩු කතා කිරීම වෙනුවට මරණ දඩුවම වැනි බොලද ජනප්‍රිය මාතෘකාවක ගැලී සිටීම අප කණගාටුවට පත් කරයි.
Post a Comment