කිෂානි වැලිවිටිගොඩ
නොර්වේ බටහිර වෙරල තීරයේ ගමන් කරමින් තිබු මගීන් රැගත් නෞකාවක ඇති වූ ගින්නෙන් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 9 දෙනෙක් තුවාල ලබා ඇති බවට එරටින් වාර්තා වේ.
මගීන් 262 ක් රැගත් එම්. එස්. නොර්ද්ලයිස් නමැති නෝර්වේජියානු නෞකාව බ්‍රහස්පතින්දා උදෑසන අලෙසුන්ඩ් වෙත ලඟා වීමට පෙර එම නෞකාවේ ගින්නක් ඇති වූ බව ඒ. එෆ් . පි. වෙත වාර්තා වී තිබේ.
එම නෞකාවේ සේවය කරමින් සිටි සේවකයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා අසාද්‍ය තත්වයේ පසුවන බව එම නෞකාවේ මෙහෙයුම් නිලධාරීයා විසින් ප්‍රකාශ කර ඇත. ගින්න ඇති වන අවස්ථාවේදී එහි ගමන් කරමින් සිටි මගීන් කිහිප දෙනෙකු දුම අඝ්‍රාණය වීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. මගීන් 100 කට ආසන්න ප්‍රමාණයක් ජීවිත ආරක්ෂක බෝට්ටු භාවිත කරමින් තම ජීවිත බේරා ගෙන ඇත. නෞකාවේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇති බවට පොලිසිය විශ්වාස කරන අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් සොයා ගෙන නැත.
Post a Comment