හර්ෂි සි. පෙරේරා
කුඩා පිරිමි දරුවන් පස් දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ විහාරාධිපති චීවරධාරියෙකු මොරවැව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
පසුගිය 13 දා අත් අඩංගුවට ගත් මොරවැව, මහදිවුල්වැව, පළමුවන පියවර පන්සලේ විහාරාමාධිපති චීවරධාරියා පන්සලේ දහම් පාසැලට ඉගෙනුමට පැමිණි වයස අවුරුදු 11-12 වයසේ පිරිමි දරුවන් 5 දෙනෙකු මෙසේ වරින් වර අපයෝජනයට ලක් කර තිබේ. පුරා මාසයක් තිස්සේ මොහු මෙම අපරාධය සිදු කර තිබේ.
අත් අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 දා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කෙළේය.
ගිහියන්ට දැන් තමන්ගේ දරුවන් පැවිද්දන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සිදුව ඇත. මල්වතු මහනාහිමිවරු හරිනම් සිවුරු හැර ජනතාවගෙන් සමාව ගතයුතු කාලයක් එලබ ඇත.
අපචාර වලට ගොදුරුවන ළමුන්ගේ මුළු ජිවිතයම අදුරු වන අතර ඔවුන්ට විෂාදය වැනි මානසික ආබාද වැළදීමේ සම්බාවිතාව ද වැඩිය.
Post a Comment