කොළඹ නගරයේ ඉඩම් වල මිල ඉහල යාම හා විදේශීය ආයෝජකයන් වැඩි වැඩියෙන් කොළඹ ඉඩම් ආයෝජනය සදහා ඉල්ලා සිටිම නිසා මේ වන විටත් කොළඹ පැල්පත්වාසීන් ආණ්ඩුවට මහත් හිසරදයක් වී තිබෙන බව දක්නට ලැබේ. කොළඹ පැල්පත්වාසීන් ආණ්ඩුට ඡන්දය ලබා නොදෙන්නේ නම් කොළඹින් ඈත ප්‍රදේශ වලට ගෙන ගොස් දමන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තර්ජනය කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය නොදෙන්නේ නම් කොළඹ පැල්පත්වාසීන් වෙන පැත්තකට ගිහින් දාන්නැයි, තමන් ජනධිපතිවරයාට පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
බොරැල්ලේ පැවති ආසන මධ්‍යම බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු ඒ බව පවසා ඇත. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙස්ද පවසා ඇත.
“අද අපි කොළඹ තියෙන්නා වු පැල්පත් නිවාස ඉවත් කරලා ඒවාට සරිලන ආකාරයේ සුදුසු මට්ටමේ නිවාස හදලා දෙන්න. නමුත් අද නෙයෙක් කටකතා යනවා.ඇතැම්විට කියනවාකොළඹින් ගිහින් එහාට දානවා කියලා.ඇතැම්විට කියනවා. ඇතැම්විට කියනවා ඒවා හදන්නේ නැහැ කියලා.මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාවත්,ගරු අමාත්‍යතුමන්ලටවත්, ආරක්ෂක ලේකම්වරයටත්වත්සමස්ත සැලැස්ම හදන කිසි කෙනෙකුට වත් කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒ පැල්පත් ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවතට ගිහින් දාන්න. අද සැලැස්ම හදල තියෙන්නේ ඔවුන් ජීවත්වෙන ප්‍රදේශවලමයි. තියෙන්නාවු පැල්පත් නිවාස ඉවත් කරලා ඒවට සරිලන ආකාරයේ සුදුසු මට්ටමේ නිවාස හදලා දෙයි හැබැයි, මහලේකම්තුමනි, මම නම් ජනාධිපතිතුමාට කිව්වා අපිට ඡන්දය දුන්නේ නැතිනම් ගිහින් වෙන පැත්තකට දාන්න කියලා.මොකද අපි නිවාස හදන්නයි අනිත් උන් ඡන්දය ගන්නයි, නේද හැබැයි කිසිම කෙනෙක් මේ ප්‍රදේශයෙන් එළියට ගිහිල්ලා හදන්නේනැහැ. අරකත් මම කිව්වා කියලා මතක තියා ගන්න”
දැයේ ආඩම්බරකාර තාත්තාගේ ආඩම්බරකාර පුත්‍රයා කියනිසා මෙවැනි දෑ සිදුවන්නට පුලුවන. කොළඹ නගරයේ පැල්පත්වාසි ජනතාව මේ මොහොතේ රජයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල යුතුය. නැත්නම් සිය ගම්බිම් හැර යන්නට දැන්ම හිතහදා ගත යුතුය. මේ රටේ ක්‍රියාත්මක වන්නේ පිය පුතු ප්‍රජාතන්ත්‍රවාදය නිසා මෙවැනි දෑ සම්බන්ධයෙන් එතරම් කලබලයට පත්විය යුතු නැත.
3mana.org
Post a Comment