මුතුරාජවෙල අබය බුමිය, ආදාහන බුමියක් කිරීම.

2004 වර්ෂයේදී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියානු ෆාම් තෙල් ශුද්දාගාර කිහිපයක් අද වන විට මුතුරාජවෙල අබය බුමිය තුල ස්ථාපිත කර ඇත.


හර්ෂි සි. පෙරේරා

විවිද පක්ෂීන්, වලිකුකුළන්, කඩොලාන පරිසරයට ආවේනික ජවිය විවිදත්වය හා සොදුරු පරිසරයේ වටිනාකම සොයාගනිත්ම මුතුරාජවෙල, අබය බුමියක් බවට පත් කිරීමට පරිසරයට හිතැති මිනිස්සු උත්සුක වුහ.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල අබය බුමිය ආරක්ෂා කිරීමේ වගකීම පරිසර අමාත්‍යංශයට හා මද්යම පරිසර අදිකාරියට පැවරී තිබේ.

නමුත් දැන් මේ අබය බුමිය ආදාහන බුමියක් කිරීමට රාජ්ජය මැදිහත් වී ඇත.

2009 පෙබරවාරි මස ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වූ ෆිලික්ස් පෙරේරාගේ මුලිකත්වයෙන් මිගමුව කොරල් ගුල ප්‍රදේශයේ කඩොලාන කපා ඉවත් කර හෝටල් වියාපෘතියක් තැනීමට උත්සාහ කරන ලදී.

මේ වගුරු ප්‍රදේශය හරහා 2005 වනවිට අදිවේගී මාර්ගයක් ඉදිකිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාදිපතිනිය සැලසුම් සකස් කිරීමට වැලි ටොන් ලක්ෂ ගණනක් මුතුරාජවෙල අබය බුමිය තුල ගොඩගසන ලදී. මෙම වියාපෘතිය නිසා මුතුරාජවෙල අබය බුමියෙන් කොටසක් විනාශ වුයේ විශාල වැලි කදු පමණක් ඉතිරි කරමින්ය.

2004 වර්ෂයේදී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියානු ෆාම් තෙල් ශුද්දාගාර කිහිපයක් අද වන විට මුතුරාජවෙල අබය බුමිය තුල ස්ථාපිත කර ඇත.

මුතුරාජවෙල අබය බුමියේ සහ අබය බුමි මායිම් තුල ෆාම් ඔයිල් ශුද්දාගාර හා යකඩ උණු කරන කර්මාන්තශාලා 06 ක් පිහිටුවා ඇත. ඒ අතර කේ. සි. සි ඉංජිනියරින්, දෙරිබියම් ප්‍රයිවට් ලිමිටඩ්, රෝයර් ඔයිල් ප්‍රයිවට් ලිමිටඩ් සහ එස්. ආර්. මැටල් ප්‍රයිවට් ලිමිටඩ් වේ.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්යංශය සහ මද්යම පරිසර අදිකාරිය යන සියල්ල නඩත්තු වන්නේ මෙරට මහජනතාවගේ බදු මුදල් වලිනි. එබැවින් මේ සුන්දර අබය බුමිය මහජනතාවගේ දු දරුවන්ට ආරක්ෂා කර දීමට වහාම ක්‍රියාත්මක වන්නැයි අපි ඔවුන්ට බල කරමු.

Tell a Friend