උතුරු කොරියාවේ හමුදාවෙන් භාගයක් හාමතේ

කිෂානි වැලිවිටිගොඩ

උතුරු කොරියාවේ රහස් ලෙස ක්‍රියා කරන මාධ්‍ය සංවිධානයක් විසින් එරට විවිධ ප්‍රදේශ වල සේවය කරන හමුදා සාමාජිකයන් සමග සම්මුඛ සාකච්චා සිදු කොට ඔවුන්ගේ වත්මන් තත්වය හෙළි කොට ඇත. අදාළ සාකච්චා වලදී බොහෝ හමුදා සාමාජිකයින් ප්‍රකාශ කර සිටියේ තමන් මන්ද පෝෂණයෙන් පෙලෙන බවයි. අදාළ මාධ්‍ය සංවිධානය විසින් ගොනු කල තොරතුරු වලට අනුව උතුරු කොරියාවේ හමුදාවෙන් 50% ආහාර හිඟකමින් මන්ද පෝෂණයෙන් පෙලෙන බවයි.

"ඉදිරියේදී තත්වය වඩාත් දරුණු වේවි අර්තාපල් අස්වැන්න නෙලීමෙන් පසුවත් අපට එක ආහාර වේලක් සඳහා ලබා දෙන්නේ කුඩා අර්තාපල් ගෙඩි 7 ක් පමණක් යයි." අදාළ සම්මුඛ සාකච්චාවේදී අදහස් දැක් වූ එක් උතුරු කොරියානු සොල්දාදුවෙක් ප්‍රකාශ කළේය. එසේ ලබාදෙන එක් අර්තාපලයක විශාලත්වය මාපට ඇඟිල්ලක් තරම්ය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ආහාර අර්බුධය සහ මන්ද පෝෂිත තත්වය රටේ ආරක්ෂක අංශ අතර පැතිරී පවතින බවයි. මීට සති කිහිපයකට කලින් ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ වෙත නියෝග කොට ඇත්තේ එක් ආහාර වේලක බර ග්රෑම් ක් හෝ අවුන්ස 3.5 ක් පමණ විය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසු ගිය අප්‍රේල් මාසයේදී උතුරු කොරියාවේ ආහාර අර්බුධයක් ඇති බවට ප්‍රකාශ කළේය. ඉන්පසු මේ මාසය මුල එක්සත් ජනපදය විසින් ඩොලර් ලක්ෂ 9 ක් වටිනා ආහාර, බෙහෙත්, සබන් සහ ඇඳුම් ආධාර ලෙස උතුරු කොරියාවට යවනු ලැබිය.

අදාළ තොරතුරු වාර්තා වුයේ උතුරු කොරියාව බිහි වී 63 වන සංවත්සරය පසු ගිය සිකුරාදා පැවැත්වීමෙන් පසුවය. ආදාළ උත්සවය කිම්සුන් චතුරශ්‍රයේදී නායක කිම් ජෝන්ග් ඉල් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

Tell a Friend