සිරියානු ජනධිපතිට කතෝලික නායකයින්ගේ සහය

කිෂානි වැලිවිටිගොඩ

සිරියානු ජනාධිපති බසාර් අල් අසාද්ගේ ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබූ දේශපාලන ප්‍රතිසංවිධාන සඳහා තමන්ගේ සහයෝගය ලබාදෙන බවට කතෝලික පූජකවරුන් සඳහන් කළහ. ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ රටේ වාර්ගික කණ්ඩායම් සහ ආගමික කණ්ඩායම් අතර ජාතික සමගිය පැවතිය යුතු බවයි.

ආදාළ නිවේදනය නිකුත් කිරීම සඳහා මුලික හේතුව වුයේ ලෙබනනයේ ප්‍රකට ක්‍රිස්තියානු නායකයෙකු වන පැට්‍රිආක් බිෂරා බුට්‍රොස් රායි විසින් ආසාද්ගේ ආණ්ඩුව හඳුන්වා දුන් දේශපාලන ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාලයක් ලබා දිය යුතු බව ප්‍රකාශ කොට සතියක් ගත වූ පසුවය.

සිරියානු ජනාධිපතිවරයා බාත් පක්ෂය යටතේ ඇති අධිකාරිත්වය නැති කිරීම සහ දේශීය විදේශීය රාජ්‍ය වාරණය නැති කිරීමට අවශ්‍ය නීති හඳුන්වා දීමට ඇතුළු දේශපාලන ප්‍රතිසංවිධාන කාරණා රැසක් පසුගිය දා හඳුන්වා දෙනු ලැබීය. සිරියානු ආණ්ඩුවට පක්ෂ සහ විපක්ෂ විරෝධතා හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුම් හට ගත් අතර ගැටුම් හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 700 දෙනෙකු ඇතුළු 1400 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.

Tell a Friend