කළු තුෂාරවත් මරා දමයි. අනේ මෙහෙම ආශ්චර්යක්!



කොළඹ මාලිගාවත්ත පාතාලයේ කල්ලියක් සහ පොලිසිය අතර ග‍්‍රෑන්ඞ්පාස් හිදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මාලිගාවත්ත පාතාලයේ කළු තුෂාර මැරම් කෑ බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි. පොලිසිය එන විට ගෝලයන් පැන ගිය බවත් ඔහු ළඟ ටීග56ක්ල මිලිමීටර් නවයේ පිස්තෝලයක් ද තුබූ බවත් පොලිසිය පවසයි.

නෙවි අසංග මැරුනේ ඊයේ පෙරේදාය.

එකම සංගීතය. සංගීත බාන්ඩය වෙනස්. එකම සිද්දිය. එනම් පොලිසිය දිගින් දිගටම නීතියෙන් පිට පැන පාතාලය මරාදැමීමෙන් අවසන් කිරීම. කතාව වෙනස්. එක්කෝ ගිනි අවියක් උදුරාගෙන පොලිසියට වෙඩි තිබ්බා. පොලිසියෙන් පැනයන විට වෙඩි තිබ්බා. මාංචු පිටින් දියේ ගිලුනා. කුඩුවේ එල්ලී මැරුණා.

අපේ රට නුදුරු අනාගතයේදීම ආශ්චර්යක් වනු ඇත. එහි නීතියක් නැත. නිතියට හිමි තැන පුද්ගලයෙක් සොරා ගනු ඇත. අරුමය ඔහු ඔටුන්නක් පැළද සිටි.

හර්ෂි සි. පෙරේරා

Tell a Friend