කිෂානි වැලිවිටිගොඩ
පාකිස්තානු අන්තර්ජාතික ගුවන් සේවාව මගින් මෙහෙයවන මගී ගුවන් යානා 2 ක් බෝම්බ භීතිකාව හේතුවෙන් හදිසි ගොඩ බැස්ස වීමක් සිදු කර ඇත.
මගින් 378 ක් රැගෙන පියාසර කරමින් තිබු පාකිස්තානු අන්තර්ජාතික ගුවන් සේවාව මගින් මෙහෙයවන බෝයින්ග් 777-300 EA දරණ ගුවන් යානය ඊයේ (07)එරට වේලාවෙන් සවස 5 ට තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි අටාටර්ක් ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බැස්සවීමට හේතු වුයේ එම යානය බල්ගේරියන් අහසේ පියාසර කරමින් තිබු අවස්ථාවේදී එම යානයට බෝම්බ තර්ජනයක් ඇති බවට ලැබුණු පණිවිඩයක් නිසා බව විදෙස් පුවත් වලින් වාර්තා වේ.
බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් සුනඛයන් යොදා ගෙන ගුවන් යානය පරික්ෂා කරන තෙක් ගුවන් යානයේ සිටි මගින් ආරක්ෂාකාරී ලෙස ගුවන් තොටුපලෙහි රඳවා තිබු අතර ගුවන් යානයට ආසන්නයේ තුර්කිය ගිනි නිවන අංශ සහ ගිලන් රථ සුදානම් කර තිබුණි. එම ගුවන් යානය පාකිස්තානයේ ලාහෝර් ගුවන්තොටුපලින් පිටත් වූ අතර ගමනාන්තය දක්වා තිබුනේ බ්‍රිතාන්‍යයේ මෙන්චේස්ටේර් නුවර ගුවන්තොටුපල වෙතය.
එසේම පාකිස්තානයේ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොලෙන් පිටත් වූ පාකිස්තානු අන්තර්ජාතික ගුවන් සේවාව මගින් මෙහෙයවන තවත් මගී ගුවන් යානයක් එරට වේලාවෙන් රාත්‍රී 9.24 ට මැලේසියාවේ ක්වාලාලම්පුර් ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්ස වුයේ එම යානය ඊයේ මාධ්‍ය අවකාශයේ පියාසර කරමින් සිටින අවස්ථාවේදී බෝම්බ තර්ජනයක් ඇති බවට ලැබුණු පණිවිඩය නිසා බව වාර්තා වේ. එම යානය පරික්ෂා කිරීමට මගින් ආරක්ෂාකාරී ලෙස යානයෙන් ඉවත් කරනු ලැබිය.

Post a Comment