හඳෙන් හාල් වගේ පේසාලෙන් තෙල්

කාලයකට වරක් බලයේ සිටිනා ආණ්ඩු ජනතාව ගොනාට ඇඳීම සඳහා පේසාලේ තෙල් කතාව උත්කර්ෂයට පත් කරති. 1967 සිටම මෙම පේසාලේ තෙල් කතාව අප අසා තිබේ. මුලින්ම ප්‍රංශ සමාගමකුත් පසුව රුසියානු සමාගමකුත් පේසාලේ තෙල් ගවේෂණය කරන ලදී. නමුත් තෙල් ලැබුණේ නැත. 1972 දී දේශපාලන ගැත්තෙකු විසින් ප්‍රධාන ඉංජිනේරුවා නිවාඩු ගිය විට හොරෙන් කළු තෙල් බෝතලයක් පරීක්ෂණ සාම්පලයට එකතු කොට පේසාලෙන් තෙල් මතුවීම පිළිබඳ ආන්දෝලනයක් ඇති කරන ලදී. පසුව එම බොරුව හෙළි විය. පේසාලේ තෙල් නැතැයි අප නොකියමු. තෙල් තිබේ නම් ජනතාවට තෙල නොබෙදා විද්‍යානුකුලව තෙල් ගවේෂණය කරන්නේ නම් මැනවි.

අමිල ගුණරත්න

Tell a Friend