බන්දුල බස්නායක වාහනයක් උස්සයි

දැව සංස්ථාවට අයත් 65-4013 අංකය දරණ නිෂාන් පෙට‍්‍රල් වාහනය එවකට දැව සංස්ථාව භාරව සිටි බන්දුල බස්නායක ඇමතිවරයා විසින් වංචනිකව රැගෙනගොස් තිබේ. මෙම වාහනය රැගෙන ගිය අමාත්‍යවරයා දැනට දව සංස්ථාව හෝ පාර්ලිමේන්තුව හෝ නියෝජනය කරන්නේ නැත. දැනට පුරා වසර 8 මෙම වාහනය බන්දුල බස්නායක විසින් පරිහරණය කරන අතර ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ ඔහු එය වංචනිකව වෙනත් කෙනෙකුට විකුණා ඇති බවයි. කෝටි ගණන් මහජන දේපල සොරකම් කරන මෙවැනි මහා පරිමාණයේ සොරුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීම බරපතල ගැටලූවකි. වසර 8 ක් පරිහරණයෙන් පසු මෙම නිෂාන් පෙට‍්‍රල් වාහනයේ ගතයුතු දෙයක් නැත. එම නිසා බන්දුල බස්නායක නම් පොදු දේපොළ හොරාට මෙම වාහනයේ මුල් වටිනාකම ජනතාවට ගෙවිය යුතු බවට සඳහන් කරමු.

අමිල ගුණරත්න

Tell a Friend