හදවත් රෝග ඇතිවීම අඩු කරන චොක්ලට්

කිෂානි වැලිවිටිගොඩ

චොකලට් කෑමෙන් හදවත් රෝග, ආඝාතය සහ දියවදියව වැනි රෝග ඇතිවීමේ ප්‍රවනතාවය අඩු කරන බව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද ගවේෂණ මගින් සොයා ගෙන ඇත.

විද්‍යාඥයින් විසින් පුද්ගලයින් 114,000 ක් සහභාගී කරගෙන මීට පෙර අධ්‍යන වාර 7 කදී චෝකොලට් කෑමෙන් එය ශරීර සෞඛ්‍යයට බල පාන අයුරු පිළිබඳව දත්ත විශ්ලේෂණය සිදු කළේය. එම දත්ත විශ්ලේෂණය මගින් චොකොලට් වැඩි වශයෙන් ශරීර ගත වීම නිසා හදවත් රෝග ඇති වීමේ ප්‍රවනතාවය 37% කින් අඩු බවත් චොකලට් අඩුවෙන් ශරීර ගත වන අයට ආඝාතය ඇති වීමේ ප්‍රවනතාවය 29% අඩු කරන බවත් ඔවුන් සොයාගෙන ඇත.

චොකලට් කෑමට ගන්නා අයට දියවැඩියාව වැළදීමට ඇති ප්‍රවනතාවය 31% අවම මට්ටමක පවතින අතර චොකොලට් ආහාරයට නොගන්නා පුද්ගලයන්ගෙන් හදවත් රෝග, ආඝාතය සහ දියවැඩියාව වැළදීමේ ප්‍රවණතාවයේ අඩුවක් නොදක්වන බව එම පර්යේෂණ මගින් හෙළි වේ.

Tell a Friend