හර්ෂි සි. පෙරේරා

රත්නපුර දිස්ත‍්‍රික් විවාහ උප්පැන්න රෙජිස්ට‍්‍රාර් වරුන්ගේ සංවත්සරයකට සහභාගිවෙමින් ඔහු පැවසුවේ,
‘අද ලංකාවේ තරුණියන්ට විවාහ වීමේ ඕනෑකම ආවත් වයස නැහැ කියල විවාහ වෙන්න බැරිව ඉන්නව..මේක දැන් ප‍්‍රශ්නයක් වෙලා.. මං කැමතියි මේ නීති කාලීන අවශ්‍යතාව අනුව වෙනස් කරන්න.. මං මේ ගැන කතා කරන කොට කාන්තා සංවිධාන, මව්වරුන්ගේ සංවිධාන මට බැණ ගෙන ආවා.. මේ රටේ ඉන්න ගෑණු ළමයි ටික මං විනාශ කරන්න හදනවයි කියලයි ඒගොල්ලො කියන්නෙ.. නමුත් මං ඒක කරනවමයි... ඒ කාගෙත් යහපතටයි...’
මේ ඇමතිවරයා දගලන්නේ විවස්ථාපිත ස්ත්‍රී දුෂණයට විසදුම් සෙවීමටයි. විවස්ථාපිත ස්ත්‍රී දුෂණය යනු වයස අවරුදු 16 ට අඩු ගැහැණු ළමයකු සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතුව ලිංගික සංසර්ගයේ යෙදිමයි.
නමුත් මෙය ඉතා බයානක තත්වයකි. මෙයට දැඩි සමාජ කතිකාවතකින් විරෝදය පල කල යුතුව ඇත.
Post a Comment