පානදුර පොලිසියේ තවත් බොරු නඩුවක්.

01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
108, බාන්ස් පෙදෙස,
කොළඹ 07

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

03. සභාපති,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
රොටුන්ඩා ටවර්, 03 මහළ,
අංක 109, ගා`ඵ පාර,
කොළඹ 03.

04. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය,
පානදුර

ලිඛිත පැමිණිල්ල

බලාපුවඩුගේ සුනෙත් අසංක මෙන්ඩිස්, අවු: 29යි, විවාහක.
ලිපිනය : 111 සී, සමරනායක මාවත, කුරුස හංදිය,අ`ඵබෝමුල්ල.
වන මා මෙසේ ප‍්‍රකාශ කර සිටිමි.2011.08.01 දිනදීය.

2011.05.03 දින දහවල් 1.00 පමණ, අ`ඵබෝමුල්ල, අවරියවත්ත හි පදිංචි - ධනුක සමන්ප‍්‍රිය නැමැති මාගේ මිතුරා මට දුරකථන ඇමතුමක් දී ප‍්‍රකාශ කර සිටියා ඔහුගේ නිවසේ සොරකමක් සිදුව ඇති බවත්, ගෙදර ඉන්නේ ඔහුගේ බිරිඳත්, මවත්, දරුවාත් පමණක් බවත්, ඔහුගේ නිවසට ගොස් පොඞ්ඩක් බලනා ලෙසත්. එ් අනුව මා ඊට පැය බාගයකට පමණ පසුව ඔහුගේ නිවසට ගියා. ඔහුගේ මව හා බිරිඳ මා සමග පවසා සිටියා ඔවුන් පොලිසියේ පැමිණිල්ලක් කල බව. පසුව මා නැවත විනාඩි 10ක් පමණ වේලා එහි සිට ආපසු යන්න ගියා.

පසුව නැවතත් සවස 4.30 - 5.00 පමණ ධනුක මට දුරකථන ඇමතුමක් දී ඔහු නිවසට පැමිණ ඇති බව ප‍්‍රකාශ කලා. ඊට විනාඩි 5-10කින් පමණ මා ඔහුගේ නිවසට යන්න ගියා. මා යන අතරමගදී ඔහු තවත් මිතුරන් තිදෙනෙක් සමග කතාකරමින් සිටියදී මට මුනගැසුනු අතර, පසුව මාද ඔවුන් සමග කතාකරමින් එම ස්ථානයේම සිටියා. ටික වේලාවකින් එක් මිතුරෙක් එම ස්ථානයෙන පිටව ගියා. සවස 6.00 පමණ පානදුර පොලිසියේ ජීප් රථය අප සිටි තැනට පැමිණියා. නිලධාරීන් තිදෙනෙක් ජීප් රථයේ සිටි අතර, එක් අයෙකු සිවිල් ඇඳුමින් සිටියා. ඔවුන් ධනුකගේ නිවස විමසා සිටි අතර, ධනුක පවසා සිටියා පොලිස් නිලධාරීන් විමසන්නේ තමාගේ නිවස බව. එ් අනුව පොලිස් නිළධාරීන් ජීප් රථයෙන්ද, අප සිව්දෙනා පයින්ද ධනුකගේ නිවසට ගියා. පොලිස් නිලධාරින් නිවස පරීක්ෂා කල අතර, අප මිදුලට වී සිටියා. නිවස පරීක්ෂා කල නිලධාරීන්, හෙට ඇගිලි සලකුණු ගැනීමට පැමිණෙන බැවින් බඩු බාහිරාදිය කිසිවෙකුට අල්ලන්න දෙන්න එපා කියා ජිප් රථයට නගින් ගමන් එක් නිලධාරියෙකු පැවසුවා. මම ක්‍ෂ අබේකෝන්, සැක කවුරුහරි හිටියොත් අල්ලගෙන අපරාධ අංශයට ගෙනවිත් දෙන්න කියා ඔහු පැවසුවා. එ් වන විට ධනුකගේ නිවස ආසන්නයේ පදිංචිකරුවකු වන චන්දුල නැමැත්තා මෙම සොරකමට සැක බවට ධනුකගේ නිවැසියන් විසින් පොලිසියට දැනුම් දී තිබුනා. එයට හේතුව වනුයේ චන්දුල නැමැත්තා දින 2ක් රාත‍්‍රියේ ධනුකගේ ගෙමිදුලේ සිට තිබුණු නිසයි. පසුව පොලිස් නිලධාරීන් පිටව ගියා.

පසුදින එනම් 2011.05.04 දින පෙ:ව:10.00 පමණ ධනුක මට දුරකථනයෙන් කතාකර මා ඉන්නේ කොහිදැයි විමසා සිටියා. එ් වන විට මා සිටියේ යතුරුපැදිය සාදන්නට රවුම් කඬේ හංදියට ගොසිනුයි. පසුව ධනුක මා සිටි තැනට පැමිණි අතර, ඔහු මාගෙන් විමසා සිටියා පොලිසියට ගිහින් එමුද කියා. පසුව මා හා ධනුක මාගේ යතුරුපැදියෙන් චන්දුල නැමැත්තාගේ නිවසට ගියා.

මා චන්දුලගේ් නිවස ඉදිරිපිට පදිංචි චන්දුලගේ සොයුරා සමග ඔහුගේ නිවස අසල කතාකරමින් සිටියදී, ධනුක චන්දුලගේ නිවසට ගොස් චන්දුල සමග මා සිටි තැනට පැමිණියා. චන්දුල විමසා සිටියා ඇයි එක්කගෙන යන්නේ කියා. එවිට ධනුක කිව්වා පොලිසියට කටඋත්තරයක් දෙන්න යමු කියා. පසුව චන්දුලද යතුරු පැදියට නැග්ගා. මා යතුරුපැදිය පැදගෙන ගිය අතර, චන්දුලව මැදින් තබාගෙන, ධනුක පිටුපසින් නැග්ගා. යතුරුපැදියෙන් ධනුකගේ නිවසට ගොස් යතුරුපැදිය ධනුකගේ නිවසේ තබා, ත‍්‍රී රෝද රථයකින් චන්දුලව පොලිසියට ගෙනයාමට සූදානම් වෙද්දී, චන්දුල මහා හඬින් ඔහු සොරකමක් නොකල බව පවසා සිටියා.

එ් අවස්තාවේ චන්දුලගේ හඬ ඇසී, ධනුකගේ නිවසට ඉදිරිපස නිවසේ සමින්ද යන අය ”උඹට මම කියලා තියෙනවා නේද මේ පාරේ පස් පාගන්න එපා කියලා” යනුවෙන් කියමින්, යකඩ පොල්ලක් ඇතැතිව පැමිණ ක්ෂණිකවම චන්දුලට පහර දෙන්න වුණා. එ් අවස්තා වන විට ධනුක චන්දුලව අල්ලාගෙන සිටියේ. සමින්ද යන අය ගැසූ පහරවල් චන්දුලගේ අතක වැලමිට ප‍්‍රදේශයට හා කකුලකට වැදුනා. එ් අවස්තාවේ මට හෝ ධනුකට ක්ෂණිකව කිසිත් කරගැනීමට නොහැකි වුණා. එ් අවස්තාවේ චන්දුල චමින්දට පිහියෙන් අණින බවට තර්ජණය කළා. එවිට සමින්ද යන අය දුවගොස් කඩුවක් රැුගෙන ආවා. එ අවස්තාවේ අසල සිටි පිරිසක් සමින්දව අල්ලා ගත්තා. එ් අතරදී ධනුක චන්දුලව අල්ලාගෙන සිටියදී මා රවුම් කඬේ හංදියට ගියා ත‍්‍රී රෝද රථයක් ගෙන එ්මට. මා ත‍්‍රී රෝද රථයක් ගෙන ධනුකගේ නිවසට යන්නට යාමේදී ධනුක හා ඔහුගේ බිරිඳ චන්දුල සමග වෙනත් ත‍්‍රී රෝද රථයකින් ඉදිරියට එනු මට මගදී මුණගැසුනා. පසුව මා පැමිණි ත‍්‍රී රෝද රථයෙන්ම මා ඔවුන් පසුපසින් පානදුර දකුණ පොලිසියට ගියා.

පොලිසියට ගිය පසු, ඔහු හා ඔහුගේ බිරිඳ චන්දුල සමග පොලිසිය තුලට ගිය අතර, මා පොලිසියේ මිදුලට වී සිටියා. ටික වේලාවකින් ධනුකගේ බිරිඳ මා වෙත පැමිණ පවසා සිටියා චන්දුලගේ තුවාලවලින් ලේ පැමිණෙන බැවින්, තුවාලවලට බෙහෙත් දමන්න යයි නිලධාරීන් කියනා බව. එසේම ඇය ප‍්‍රකාශ කලා චන්දුලව අපරාධ අංශයට ගෙන ගිය බව. පසුව මා පානදුර රෝහල ඉදිරිපිට ෆාමසියට ගොස් බෙටර්ඞීන් ක‍්‍රීම් එකක් හා බැන්ඬේජ් රෝලක් ගෙන අපරාධ අංශයට ගොස් ධනුකගේ අතට දුන්නා. පසුව ධනුක චන්දුලට බෙහෙත් දමා බැන්ඬේජ් එකෙන් ගැට ගැසුවා. පසුව අපරාධ අංශයේදී දිසානායක නැමැති නිලධාරියෙකු චන්දුලගෙන් කටඋත්තරයක් ගත්තා. එ් අවස්තාවේ සිදුවූ හැම දේම චන්දුල පවසා සිටියා. පසුව ධනුකගෙන්ද කටඋත්තර ගත්තා. දිසානායක යන නිලධාරියා මාව පෙන්වා චන්දුලගෙන් ඇහුවා මා පහර දුන්නාදැයි කියා. චන්දුල නැහැ කිව්වා. පසුව නිලධාරීන් ප‍්‍රකාශ කලා චන්දුලව රෝහලේ නවත්වන්න කියා. පසුව දිසානායක නිලධාරියා හා ධනුකත් , මාත් චන්දුල සමග රෝහලට ගියා. පසුව නැවත දිසානායක යන නිලධාරියා ධනුකව කටඋත්තරයක් ගැනීමට යයි කියා නැවත පොලිසියට එක්කගෙන ගිය අතර, මා චන්දුල සමග සිට හදිසි අනතුරු එ්කකයට චන්දුල ගෙන්වා, එතැනින්නම බෙහෙත් දැම්මා. පසුව මා විසින්ම චන්දුලව 01 වන වාට්ටුවට ගෙනගොස් එහි නවතා නැවත පොලිසියට ගියා.

ධනුක ඇතුලූ නිවැසියන් අපරාධ අංශය අසල සිටියා. ධනුක මට පවසා සිටියා හෙට උදේ 9.00ට කට්ටියටම පොලිසියට එන්න කිවූ බවත්, සමින්දවත් එක්කගෙන එන්න කියා පැවසූ බවත්.

පසුව නැවතත් 2011.05.05 දින උදේ 9.00 ට මා, ධනුක හා ධනුකගේ බිරිඳ හා මව පානදුර දකුණ පොලිසියට ගියා. සමින්ද කතරගම යන බැවින් ඔහුට එ්මට විදිහක් නැති බවත්, පොලිසියෙන් දැනුම්දීමක් නොකල හෙයින් ඔහුට පැමිණීමට අවශ්‍යතාවයක් නොමැති බව සමින්ද පැවසූ බව ධනුක මා සමග පවසා සිටියා. පසුව අප අපරාධ අංශයට ගියා. සමින්ද නොපැමිණි බව ධනුක පවසා සිටියා. එහි සිටි ක්‍ෂ අබේකෝන් අපට පවසා සිටියා තමුසෙලාව නෙවෙයි ඕනා, ගහපු මිනිහව අත්අඩංගුවට ගන්න ඕනා කියා. එවිට අප පොලිසියෙන් පිටව ගියා.

නැවත 2011.06.21 දින සවස ධනුක මට දුරකථනයෙන් කතාකර පොලිසියට යාමට කතාකලා. එසේම ධනුක පවසා සිටියා 2011.06.22 උදේ 9.00ට පොලිසියේ සු`ඵ පැමිණිලි අංශයට පැමිනෙණ ලෙස ධනුකට දැනුම් දුන් බව. මා විමසා සිටියා මටත් එන්න කිව්වාද කියා. එවිට ධනුක පැවසුවා මගේ නමත් ධනුකට දුන් චිට් එකේ ලියා ඇති බව.

එ් අනුව 2011.06.22 දින දේ 9.00ට මා හා ධනුක සු`ඵ පැමිණිලි අංශයට ගියා. එ් අවස්තාවේ ධනුකට පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දුන් නිලධාරියා අප වෙත පැමිණ මට හා ධනුකට පවසා සිටියා ”උඹලා දෙන්නා විනාඩි 10ක් කොල්ලෝ කූඩුවේ හිටහං, මම ඉක්මනින් චන්දුලගෙන් කටඋත්තරයක් අරන් එන්නම්, මේකට උසාවියෙන් කේස් එකක් ඇදිලා තියෙන්නේ විනාඩි 10න් ආපසු එලියට දානවා කියා.

අප වරදක් කර නොමැති හෙයින් අප කූඩුව තුලට යාම ප‍්‍රතික්ෂේප කලා. නමුත් බලහත්කාරයෙන්් ඔහු අපව කූඩුව තුලට දමා යන්න ගියා. පසුව පැය 2කින් පමණ එම නිලධාරියා නැවත පැමිණ අපව කූඩුවෙන් එළියට ගෙන, අප දෙදෙනාගෙන් කටඋත්තර ගෙන, අපව බංකුවකින් වාඩි කරවා තබා, අපව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. අපව අධිකරණයට ගෙන ගියේ පයින් ඇවිදගෙනයි. එවිට වේලාව සවස 1.30 හෝ 2.00 පමණ වන්නට ඇත. අධිරණයේදී දැනගන්නට ලැබුනා චන්දුල යන පුද්ගලයාව ධනුක අල්ලාගෙන සිටියදී, මා විසින් කඩුවකින් හා යකඩ පොල්ලකින් පහර දුන් බවට, මට හා ධනුකට එරෙහිව නඩු පවරා ඇති බව. එ් අනුව මා හා ධනුකව 2011.06.27 දින දක්වා බන්ධනාගාර ගත කරනු ලැබුවා. 2011.06.27 දින රු: 5000/= වටිනා මුදල් ඇප හා රුපියල් 100000/=ක් වටිනා ශරීර ඇපයක් මත මා මුදාහැරියා. ධනුෂ්කවද ඇප මත මුදාහැරියා.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, සැකකරුව පොලිසියට ගෙන ගිය පසුව, නිසි පරීක්ෂණ පවත්වා ඔහු සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා වෙනුවට පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් විසින් නීති විරෝධී ලෙස කටයුතු කරමින් මා හා ධනුක නැමැති අයව අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා බන්ධනාගාරගතකරවනු ලැබූ බවයි. එමෙන්ම එසේ නීති විරෝධී ලෙස කටයුතු කිරීම හේතුවෙන් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවද ප‍්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙස කටයුතු කරමින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලැබූ පානදුර පොලිසියේ මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් වන ක්‍ෂ අබේකෝන්, දසනායක ඇතු`ඵ වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්, මාහට සාධාරණය ඉටු කරනා ලෙසත්ය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.


බී. සුනෙත් අසංක මෙන්ඩිස්
Tell a Friend