අන්නා හසරි ආණ්ඩුවේ නිදහස ප්‍රතික්ෂේප කරයි.(VIDEO)

හර්ෂි සි. පෙරේරා

අන්නා හසරි කොන්දේසි විරහිතව මිස ටිහර් බන්දනාගාරයෙන් පිටව යාම ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ආණ්ඩුවේ නිදහස් කිරීමේ අනඥාව හෙතෙම ප්‍රතික්ෂේප කර ඇත. ඔහු කොන්දේසි විරහිත සමාවක් ඉල්ලන්නේ ජේ පි උද්‍යානයේ සිය අකණ්ඩ උපවාසය දිගටම කරගෙන යාමටය.

 අද උදැසන 73 හැවිරිදි මෙම ගාන්දියන්වරයා ඔහු රැදී සිටි මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

අද උදැසන අන්නා හසරිගේ උපවාසය ඇරබිමට පෙර අත්අඩංගුවට ගත කිරාන් බෙඩි සහ ශාන්ති භුතන් මේවනවිට නිදහස් කර ඇති බව දිල්ලි පොලිස් ප්‍රකාශකයෙකු පවසන ලදී.

Tell a Friend