නෙත් එෆ් එම් එකට හඩ්ඩා බය වෙලා

අමිල ගුණරත්න

මෑතකදී නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් විකාශය කල රුවන්වැල්ලේ සෝභිත නමැති මගඩියාගේ ගේ ක්‍රියා පිලිබඳ හෙළිදරව්වට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විරුද්ධව අදහස් ප්‍රකාශ කොට තිබේ.රුවන්වැල්ලේ සෝභිතගේ දුරකතනයට කතාකොට එවැනි දෙයක් පටිගත කිරීම නිසා නෙත් එෆ්.එම් ගුවන් විදුලිය සීල් තැබිය යුතු බවත් හඩ්සන් සමරසිංහ පවසා ඇත. මේ සම්බන්දයෙන් අප කල විමසීමකදී ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයෙකු සඳහන් කලේ රුවන්වැල්ලේ සෝභිත මෙන් නාකි විසේ ඉහටත් උඩින් ගසා තිබෙන හඩ්ඩා තමන්ගේ දුරකතනයටත් මෙලෙස සවන්දේවි ද යන බයෙන් මෙසේ කියා ඇති බවයි. බහු විවාහයක් කරගැනීම සම්බන්දයෙන් ද හඩ්සන් සමරසිංහ චෝදනා ලබා සිටින බවද එම නිවේදකයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී. තවද ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ වූ නිර්මලා අල්විස් විසින් ලියන ලද ප්‍රේමකිර්තිනී ග්‍රන්ථයෙන් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සම්බන්දයෙන් චෝදනා කරන්නේ හඩ්සන් සමරසිංහටය ( බලන්නhttp://data.gossip9.com/2011/08/hudsaon-smarasinghe-killer-of.html )



Tell a Friend