බ්රෙවික් සැකසු තවත් බෝම්බයක් නොර්වේ පොලිසිය විසින් සොයා ගනී.



කිෂානි වැලිවිටිගොඩ 

නෝර්වේජියානු ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙන අන්ද්රෙස් බෙහ්රින් බ්රෙවික් විසින් පසු ගිය මස ඔහුගේ ත්‍රස්තවාදී ක්‍රියාවලියේ එක් කොටසක් වශයෙන් ඔහු බදු අරගෙන තිබු කිලෝ මීටර 140 ක බිම් ප්‍රමාණයක් සහිත ගොවිපලහි ස්ථාන ගත කල තිබු බෝම්බයක් ඊයේ දින නොර්වේ පොලිසිය විසින් සොයා ගෙන ඇති බවට විදෙස් තොරතුරු සේවා සඳහන් කරයි.

ඉස්ලාම් ආගම මර්දනය කිරීමෙහිලා දැඩි මිත්‍යා මතධාරියකු වන බ්රෙවික් පසුගිය ජුලි 22 වෙනිදා ඔහු විසින් සැලසුම් කර තිබු කාර් බෝම්බයක් පුපුරවා හැරීමෙන් සහ තරුණ සිසුන්ගේ කඳවුරකට වෙඩි තැබීමෙන් විශාල කලබලයක් ඇති කළේය. මෙම සිද්ධීන් දෙක නිසා පුද්ගලයින් 77 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. බ්රෙවික් සිදු කල මෙම ප්‍රහාරයෙන් පසුව ප්‍රකාශ කර සිටියේ එඋරෝපයෙන් ඉස්ලාම් ආගම තුරන් කිරීමට තමන්ට මෙය සිදු කල යුතුව තිබු දෙයක් බවයි.

32 හැවිරිදි බ්රෙවික් ජුලි 22 වෙනිදාට මාස කිහිපයකට ඉහතදී ගොවිපලක් කුලියට අරගෙන ඇත්තේ එළවලු වගා කිරීමේ මුවාවෙන් ඔහුට අවශ්‍යව තිබු තස්ත්‍ර ප්‍රහාර සැලසුම් කිරීමට සහ මේ සඳහා කිසිඳු සැකයකින් තොරව ඔහුට අවශ්‍ය රාසයනික පොහොර භාවිත කිරීම සදහාය. විමර්ශන කටයුතු වලින් අනාවරණය වුයේ මොහු රසායනික ද්‍රව්‍ය ඉතා සුළු පවුම් ප්‍රමාණයක් වියදම් කොට බ්‍රිතාන්‍ය වෙළඳ පොලෙන් මිලදී ගෙන ඇති බවයි. තවද බ්‍රිතාන්‍ය සමාගමක් විසින් බ්රෙවික්ට විෂ සහිත උණ්ඩ නිපදවීම සඳහා උපකරණ අලෙවි කර ඇත. ජුලි 22 වෙනිදා සිදු කල ත්‍රස්ත ප්‍රහාරයට අමතරව තවත් ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබු බවට පොලිස් වාර්තා වලින් හෙළි වේ. 

Tell a Friend