විද්‍යාර්ථීන්ගේ කැට වියාපාරය මැඩිම

හර්ෂි සි. පෙරේරා
අද කොටුව පොලිසිය විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සය දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ බිහිදොර අබියස කුසලතා ඇගයීමේ වැඩසටහනට ආදාර පිණිස මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙලට සහබාගි වෙමින් සිටියදීය.

මේ දේ අද සිද්දවන්නේ ඊයේ පොලිසිය උද්ගෝෂණයක් නැවැත්වීමට අදිකරණයෙන් වාරණ නියෝගයක් ගනිමින් ඉතිහාසයට එකතුවීමේ උණුසුම මැකියාමටත් පෙරය.

සිසුන් මෙසේ මර්දනය කරද්දී නීතිපති චෝදනා ඉවත් කරගත් නාම්පමුණුව මිනීමැරුම් නඩුවේ වග උත්තරකරුවකු වූ චන්දන කත්රිඅරච්චිට ජනාදිපති රාජපක්ෂ ආසන සංවිදායක කමක් පිරිනැමුවේ අද වැනි දිනකවිමද සුවිශේෂිය.

රාජපක්ෂ ආණ්ඩුව පොලිසිය වැනි ආයතන දඩමීමා කරගෙන දනය, බලය සහ ඥාති සංග්‍රහය රැකගැනීමට ඕනෑම අසික්කිත වැඩක් කරන්නට මැලිනොවන බව ඉහත සිද්දීන් වලින් ඔප්පු වේ.





Tell a Friend