මීගමුව මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ආනන්ද මුණසිංහ රුක්මනී දේවිගේ සොහොනට හානි කරලා

අමිල ගුණරත්න

ශ්‍රී ලංකාවේ අග්‍රගනයේ නිළියක්වූ රුක්මනි දේවි මහත්මියගේ දේහය භූමිදානය කර තිබූ මීගමුව මඤ්ඤොක්කා හේන පොදු සුසාන භුමියේ ඉදිකර තිබූ ඇගේ සිහිවනට ස්මාරකය මීගමුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකු වූ ආනන්ද මුණසිංහ විසින් විනාශ කොට තිබේ. රුක්මණි දේවියගේ දේහය භූමිදානය කර ස්මාරක ගොඩ නගා ඇති ස්ථානය තමන්ගේ පවුලේ අයගේ භූමිදාන කටයුතු කරන ස්ථානය නිසා රුක්මණී දේවි මහත්මියගේ පිළිරුව හා ඇයගේ ඇගේ සිහිවනට ස්මාරකය ඉවත් කිරීමට කටයුතු කළ බවත් ආනන්ද මුණසිංහ විසින් මීගමුව පොලිසියට ප්‍රකාශකර තිබේ. මෙම නිහින ක්‍රියාව හෙලා දකිමින් මීගමුවේ ජනතාව විරෝධය පල කලද මේ දක්වා කිසිම කලාකරුවෙකු හෝ කළා සංවිධානයක් ඊට විරෝධය දක්වා තිබුනේ නැත.

Tell a Friend