ආගමේ නාමයෙන් සිදු කරන මානව අයිතිවාසිකම් උල්ලංඝනය


අමිල ගුණරත්න

ආගම රටක නීතිය බවට පත් වූ විට සමාජයක් කෙතරම් ම්ලේචත්වයක් කරා යන්නේද යන්න හර්ෂි සී පෙරේරාගේ එක රටයි එක නීතියයි යන ලිපිය මගින් පෙන්වා දෙයි. අද මැදපෙරදිග රාජ්‍ය වල ආගමේ නාමයෙන් මහා පරිමාණයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන අතර කාන්තා හිංසනයද බරපතල අන්දමට සිදු කරනු ලබයි.බටහිර ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉරානයේ , සිරියාවේ , ලිබියාවේ ආගමේ නාමයෙන් සිදු කරන මානව හිංසන ගැන කතා කරන නමුදු බටහිරට හිතවත් සවුදි අරාබිය , බහරේනය වැනි රටවල සිදු කරන මානව අයිතිවාසිකම් උල්ලංඝනය ගැන වැඩිපුර කතා නොකරේ. නමුත් ආගමේ නාමයෙන් කරන මානව හිංසනයන් ගැන අප කතා කල යුතුය. මෑතකදී නැගෙනහිර පළාතේ කට්ටන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් මෙහිලා දක්වමු. 17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් කට්ටන්කුඩි නගරයේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගොස් ඉන් පිටතට පැමිණෙද්දී ඉන් එක සිසුවියකගේ පියා විසින් එම සිසුවියන් දෙදෙනා අසභ්‍ය චිත්‍රපට නැරඹු බව චෝදනා කොට තිබේ. නමුත් එම සිසුවියන් දෙදෙනා එය ප්‍රතික්ෂේපකොට ඇත.ඉන් පසු ටික වෙලාවකින් අදාළ සිසුවියන් දෙදෙනා අසභ්‍යය චිත්‍රපට නැරඹු බවට නගරය පුරා ඇති පල්ලි නවයක ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ප්‍රචාරය කර ඇත. මුළු නගරයටම ඇසුණු ඒ පණිවිඩයෙන් නගරයේ මුස්ලිම් ජනයා අආල සිසුවියන් දෙදෙනා වටා රොක් වී ඔවුන් දෙදෙනාට චෝදනා කිරීමටත් පහරදීමටත් පටන්ගෙන ඇත.ඉන්පසු තරුණයන් පිරිසක් එම පියාගෙන් සිය දියණිය හා ඇගේ යෙහෙළිය උදුරාගෙන අසල නිවසකට ගෙන ගොස් පහර දී ඇත. පසුව පොලිසිය මැදිහත් වී අදාළ සිසුවියන් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇත.

පසුව කල පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ සිසුවියන් දෙදෙනා අන්තර්ජාලයට ගොස් අසභ්‍යය චිත්‍රපට නරඹා නොමැති බවයි. මෙම උදාහරණය මගින් පෙනෙන්නේ ආගම නීතිය බවට පත් කිරීමත් සමගම ජන සමාජය කෙතෙක් දුරට අශිෂ්ට සහ වල්මත් වන බවය.
Tell a Friend