ළමා හින්සනයේදී පානදුර උතුර පොලිසිය අපරාදකරුවන් සමගයි.


හර්ෂි සි. පෙරේරා

කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානදිපතිවරයා මෙසේ දිලානිගේ මවට පක්ෂපාති වන අයුරින් කටයුතු කරන්නේ ඇගේ පියා පවසන ආකාරයට මවගේ සොහොයුරිය පිටරට ගොස් එනවිට රැගෙන එන මත්පැන් ඔහුට තෑගි වශයෙන් ලැබෙන නිසාය.
බෝලොන්ග්නගේ දිලානි දිල්රුක්ෂි 15 හැවිරිදි පානදුර මහානාම විදුහලේ 10 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

ඇගේ පියා මවගේ අනියම් සම්බන්දතාවක් හේතුවෙන් ගෙදරින් ඉවත්ව සිටියි. ඇගේ මව රත්නසිරි ප්‍රනාන්දු යන අයත් සමග අනියම් සම්බන්දතාවක් පවත්වයි.
මව විසින් කෙසෙල්වත්ත පොලිසියේ පියාට විරුද්දව දා තිබු පැමිණිල්ල හේතුවෙන් දිලානි දිල්රුක්ෂිව පොලිස් ස්ථානාදිපති විසින් මවගේ බාරයට පත් කරන ලදී. එයට පියා විරුද්ද වුවිට පොලිසිය ඒ ගැන තැකීමක් කලේ නැත.

2011.06.04 දින රත්නසිරි නමැති ඇය දිලානිට පහරදී ඇති අතර ඒ පිලිබදව පානදුර උතුර පොලිසියට පැමිණිලි කලද පොලිසිය ඒ සම්බන්දයෙන් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.

2011.08.15 දින ද රත්නසිරි නමැති අය දිලානිට අමානුෂික ලෙස පහරදී ඇත. එවිට දිලානි සිය පියා සමග ගොස් කෙසෙල්වත්ත පොලිසියේ පැමිණිලි කර තම කැමැත්තෙන් යන බව කියා පියා සමග යන ලදී.

2011.08.22 වන දින පැමිණිල්ල විබාග කල කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානදිපතිවරයා දිලානිට කරුණු දැක්වීමට ඉඩනොදී ඇගේ මවට පක්ෂපාති වන අයුරින් කටයුතු කර ඇත. එපණක් නොව දිලානිට අවමන් සහගත ලෙස බැණ වැදී ඇත.

කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානදිපතිවරයා මෙසේ දිලානිගේ මවට පක්ෂපාති වන අයුරින් කටයුතු කරන්නේ ඇගේ පියා පවසන ආකාරයට මවගේ සොහොයුරිය පිටරට ගොස් එනවිට රැගෙන එන මත්පැන් ඔහුට තෑගි වශයෙන් ලැබෙන නිසාය.

ඉහත දිලානි මුහුණ දෙන තත්වය පිලිබදව ඇගේ පියා වන බෝලොන්ග්නගේ විල්බට් බෝලොන්ග්න අද 2011.08.23 වන දින ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය, ජාතික ළමා ආරක්ෂක අදිකාරිය, සහ අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිෂන් සබාවට පැමිණිලි කරන ලදී.


Tell a Friend